×

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාටද කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.


කොවිඩ් රෝග ලක්ෂණ පහළවීමෙන් පසුව ඔහු පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔහු වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් ඔහුට රෝහල්ගතවීමට තරම් බරපතල තත්වයක් නොමැති අතර මේ වනවිට ගාන්ධි මහතා සිය නිවසේ හුදෙකලාව වාසය කරනවා.

තමාට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශ කරමින් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ තමා සමග සමීපව ගනුදෙනු කළ සියලු දෙනා ‍සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි