×

රුසියාව ගෑස් සම්පූර්ණයෙන්ම කපා හැරිය හැක, යුරෝපය දැන් ක්‍රියාත්මක විය යුතුය.

රුසියාව සිය ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානියා පවසා තිබේ.


රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් මෙන්ම ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් රුසියාවට එරෙහිව සම්භාදක පැනවීමත් හේතුවෙන් රුසියාව සිය ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානියා පවසා තිබේ. මේ වන විටත් එය 40%කින් අඩු කර ඇත.

IEA විධායක අධ්‍යක්ෂ Fatih Birol බදාදා රොයිටර් පුවත් ඒජන්සිය වෙත පවසා තිබුණේ රුසියාව විසින් යුරෝපයට ගෑස් බෙදා හැරීම තවදුරටත් අඩු කිරීමට නිදහසට කරුණු සෙවීම දිගටම කරගෙන යන බවත් යුරෝපය දැන් ක්‍රියාත්මක විය යුතු බවත්ය.IEA වාර්තාවකට අනුව යුරෝපීය සංගමය 2022 වර්ෂය සඳහා පුනර්ජනනීය බලශක්ති සඳහා වාර්තාගත වියදමක් ඇතුළුව, මෙම වසරේ ඩොලර් ට්‍රිලියන 2.4 ක් මෙම අංශයේ ආයෝජනය කිරීමට නියමිත බව සඳහන් වේ.

රුසියාව විසින් යුරෝපයට ගෑස් සැපයීම නතර කළ හොත්, ඒ වෙනුවෙන් පොසිල ඉන්ධන විකල්ප අනුගමනය කරන බව යුරෝපීය කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි