×

රුසියාව හා යුක්රේනය ධාන්‍ය අපනයනය කිරීමට ගිවිසුම්ගත වේ.

ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති ධාන්‍ය අපනයන ගිවිසුම අද දින(22) ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලදි.


රුසියාව සහ යුක්රේනය ප්‍රධාන ගෝලීය තිරිඟු සැපයුම්කරුවන් වේ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සමඟ තිරිඟු අපයනය සීමා වූ අතර ඊට සාපේක්ෂව ලෝකය පුරා ආහාර මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සඳහා තීරණාත්මක වැදගත්කමක් ඇති ධාන්‍ය අපනයන ගිවිසුම අද දින(22) ඉස්තාන්බුල්හිදී අත්සන් කරන ලදි. මේ අවස්ථාව වෙනුවෙන් තුර්කි ජනාධිපති එර්ඩොකාන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේනයේ පාර්ශවය නියෝජනය කරමින්  එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් සහ ගනුදෙනුවේ රුසියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ ප්‍රධානී රෙබෙකා ග්‍රින්ස්පන්ගේ සම්බන්ධ විය.

යුද්ධය හේතුවෙන් යුක්රේනයේ කළු මුහුදේ වරායන්හි අවම වශයෙන් ධාන්‍ය ටොන් මිලියන 22ක් පමණ සිරවී ඇතැයි ප්‍රකාශ වන අතර එම ධාන්‍ය තොග අපනයනය කිරීමට යුක්රේනයට හැකි වන සැලැස්මක් ගිවිසුම මඟින් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ. සංක්‍රමණ යාත්‍රා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සහ ඒවා ආරක්ෂිතව ගමන් කිරීම සඳහා වැඩි අවධානයක්ම මෙහිදී යොමු වී ඇත.

මෙමඟින් ගෝලීය ආහාර අර්බුදය යම් මට්ටමකට ලිහිල් කර ගැනීමට බලාපොරොත්තු වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි