×

ලොක් ඩවුන් බැරි නම් ෂොට් ඩවුන්! – ගෙදර හිටු නැතිනම් වෙඩි කනු – පිලිපීන ජනපතිගේ අලුත්ම උපදෙස

මාසයක ලොක්ඩවුන් කාලපරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කර තිබෙන පිලිපීනයේ ලූසන් දිවයිනේ වැසියන් ‘කරදර ඇති කරන්නේ නම්‘ ඔවුන්ට වෙඩි තබා මරා දැමීමට තමන් නියම කරන බව කුප්‍රකට පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි (Rodrigo Duterte) පැවසුවේ දෙවරක් නොසිතා ය.


පසුගිය බදාදා රූපවාහිනිය හරහා ජාතිය අමතමින් ඔහු පැවසුවේ එහි බලය සම්පූර්ණයෙන්ම පොලිසිය හා හමුදාව අතට දෙන බවයි.

‘‘රජයට තර්ජනය කරන්න එපා. රජයට අභියෝග කරන්න එපා. You will lose,

‘‘ Do not intimidate the government. Do not challenge the government. You will lose,” යැයි ඔහු පිලිපීන සහ ඉංග්‍රීසි භාෂා මිශ්‍ර කරමින් ද පැවසුවේය.

ඔහුගේ මෙම ප්‍රකාශයට හේතු වූයේ මැනිලා අගනුවර ක්වේසන් ප්‍රදේශයේ ජීවත් වන මුඩුක්කු වාසීන් විසින් සිය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති කම ගැන විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් දියත් කර තිබීම සම්බන්ධයෙනි.

මෙහිදී මෙම නිවාස අහිමි සහ පැල්පත් වාසීන් ව නගරයේ ක්වේසන් හි ආපනශාලාවක තාවකාලික (මේක්ෂිෆ්ට්) ස්ථානගත කිරීමට ද ඩුටර්ටි පරිපාලනය කටයුතු කර තිබිණි. ඔවුන්ව ගාල් කළා මිස කිසිදු ආහාර පානයක් ලබාදීමට රජය මැදිහත් වී නොතිබුණේය. ඔවුන් උද්ඝෝෂණය කළේ දැන් සති 2ක් මුළුල්ලේ තමන් සිටින්නේ කුසගින්නේ බව කියමිනි.

 

නමුත් පේසෝ බිලියන 200 ක සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහනක් යටතේ පොතේ හැටියට නම් ඔවුන්ට සහන ලැබීමට නියමිත ව තිබුණේය.

එහිදී ඔවුන්ගේ උද්ඝෝෂණයට පහර දුන් පොලිසිය 20 දෙනෙකුව පමණ අත්අඩංගුවට ගත්තේය.

මේ වන විට පිලිපීනයේ කොරෝනා ආසාදිතයන් 2,311 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, 96 දෙනෙකු මිය ගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි