×

ලොව පළමු වරට කුරුලු උණ ප්‍රභේදයක් මිනිසුන්ට ආසාදනය වූ බවට රුසියාව අනාවරණය කරයි

ඉන්ෆ්ලුවන්සා එච්5එන්8 නම් කුරුලු උණ ආසාදනයේ ප්‍රභේදයක් මිනිසුන් හට ආසාදනය වී ඇති බවට රුසියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී තිබේ.


ඒ අනුව, මෙසේ කුරුලු උණ ප්‍රභේදයක් මිනිසාට ආසාදනය වී තිබෙන්නේ පළමු වරට විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරයි.

මෙසේ ආසාදනය වී තිබෙන්නේ කුකුල් කොටු ආශ්‍රිත ව සේවයේ නියුතු වූ කම්කරුවන් පිරිසකට ය.

මෙම කම්කරුවන් ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති අතර, ඔවුන් ගෙන් තවත් මිනිසුන් හට ආසාදනය සම්ප්‍රේශණය වූ බවක් ද වාර්තා නොවේ.

ඉහත වෛරස ප්‍රභේදය හඳුනා ගෙන තිබුණේ රුසියාවේ දකුණු කලාපයේ කුකුල් කොටු ආශ්‍රිතව සේවයේ නියුතු පුද්ගලයින් අතර වන අතර, මෙය තවමත් 100% ක් තහවුරු කර ගෙන නොමැති තත්ත්වයක් තුළ රුසියානු බලධාරීහු මේ වන විටත් වැඩිදුර විමර්ශන කටුයුතු වල නිරත වෙති.

පොදුවේ කුරුලු උණ පැතිර යාම සිදුවන්නේ කුරුල්ලන් අතර පමණක් වන අතර, 2014 වර්ෂයේදී ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල කුකුළු පාලනය ආශ්‍රිතව වසංගත තත්ත්වයක් ගෙන තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි