×

ලොව ප්‍රථම වරට මැලේරියා එන්නත අප්‍රිකානුවන්ට

2019 දී මෙම මදුරුවන්ගෙන් බෝවන පරපෝෂිත රෝගයෙන් මිනිසුන් 409,000 ක් මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අප්‍රිකානුවන්ය. එකි වින්දිතයින්ගෙන් 270,000 කට වැඩි පිරිසක් අවුරුදු පහට අඩු දරුවන් ය.


ලොව ප්‍රථම වරට මැලේරියා එන්නත මුලු මහත් අප්‍රිකාව භාවිතා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනුමත කරන්නට විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම අප්‍රිකාව පුරා ළමුන්ගේ ජීවිත දස දහස් ගණනක් බේරා ගැනිමට දැඩි උත්සහායක නිරත වේ.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ එය ඓතිහාසික මෙහොතක් බවයි.අප්‍රිකානු රටවල් තුනක සාර්ථක නියමු වැඩසටහනකින් පසු ආර්ටීඑස්, එස් එන්නත වඩාත් පුළුල් ව්‍යප්ත කිරිමමෙම ව්‍යාපෘතියේ අරමුනයි.

ආර්ටීඑස්, එස්/ඒඑස් 01 (ආර්ටීඑස්, එස්) යනු ගෝලීය වශයෙන් මාරාන්තික මැලේරියා පරපෝෂිතයා වන අප්‍රිකාවේ බහුලව දක්නට ලැබෙන ප්ලාස්මෝඩියම් ෆැල්සිපරම් වලට එරෙහිව ක්‍රියා කරන එන්නතකි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්බන්ධීකරණය කරන ලද මහා පරිමාණ නියමු වැඩ සටහනක කොටසක් ලෙස 2019 වර්ෂයේ සිට උප සහරානු උප අප්‍රිකානු රටවල් 3 ක් එනම් ඝානාව, කෙන්යාව සහ මලාවි යන මැලේරියා සම්ප්‍රේෂණයේ තෝරාගත් ප්‍රදේශවලට එන්නත හඳුන්වා දීමට කටයුතුල අතර, එහි ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටින්නට විය.

 

බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් වන ග්ලැක්සො ස්මිත්ක්ලයින් (ජීඑස්කේ) විසින් වැඩි දියුණු කරන ලද ආර්ටීඑස්, එස් එන්නත බ්‍රිතාන්‍ය ඖෂධ සමාගමක් විසින්ම වැඩි දියුණු කරන ලද අතර 2019 දී එහි නියමු වැඩසටහන සඳහා යොදා ගන්නටවිය. ඝානාව, කෙන්යාව සහ මලාවි යන රටවල ළමුන් 800,000 කට වැඩි පිරිසකට එවකට මෙම එන්නත එන්නත් කර තිබේ.දීර්ඝ සායනික අත්හදා බැලීම් හරහා සිදු වූ මෙම එන්නතෙහි සීමිත කාර්යක්ෂමතාවයක් ඇති අතර, වයස අවුරුදු හතරක අප්‍රිකාවේ කුඩා දරුවන්ගෙන් මැලේරියා රෝගීන් වූ 39% ක් සහ දරුණු මට්ටමේ මැලේරියා රෝගී වූ 29% ක් දරුවන්ඉන් මුදවා ගත හැකිවේ.පසුගිය අගෝස්තු මාසයේදී ලන්ඩනයේ Hygiene & Tropical Medicine (LSHTM) ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කුඩා දරුවන්ට ආර්ටීඑස්, එස් එන්නත සහ මැලේරියා විරෝධී ඖෂධ යන දෙකම ලබා දීමේන් රෝහල් ගත වීම හෝ මරණ අවදානම 70% කින් අඩු වන බවයි.එරිත්‍රියා සහ සුඩානය වැනි සමහර රටවල් මෑත වසරවලදී සැලකිය යුතුමට්මක මැලේරියා අවදානමකට ලක්ව තිබේ.

2019 දී මෙම මදුරුවන්ගෙන් බෝවන පරපෝෂිත රෝගයෙන් මිනිසුන් 409,000 ක් මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අප්‍රිකානුවන්ය. එකි වින්දිතයින්ගෙන් 270,000 කට වැඩි පිරිසක් අවුරුදු පහට අඩු දරුවන් ය.

theguardian.comවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි