×

ලෝකයේම ඇස් යොමු වූ දෝහා හි මූර්ති පෙළ

මෙහි අවසන් මූර්තිය අඩි 14ක බිළිදෙක් මූර්තිමත් කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂිකා ලයිලා ඉබ්‍රහිම් බච්චා පවසන්නේ මෙය කලා නිර්මාණයකට එහා ගිය සමාජ කතිකාවක් නිර්මාණයෙහි ලා සිදු කළ කලා කටයුත්තක් බවයි.


කටාරයේ අග නගරය දෝහා හී රෝහලක් ඉදිරයේ නිර්මාණය කරන ලද මූර්ති පෙළක්  පිළිබදව මේ වන විට ලෝකයම කථා කරන්නට පටන් ගෙන.

මවු කුසේ දරුවෙක් පිළිසිඳ ගත් දින පටන් ඉදිරි මාස 9 තුළ කළලයේ වර්ධනය දැක්වෙන මවගේ ගර්භාෂය පිළිවෙළින් මෙහි මූර්තිමත් කර ඇත.

නූතන කලාවේ ශ්‍රේෂ්ඨ නිමැවුමක් ලෙස මේ වන විට නිර්මාණ කරුවන්ගේ අවධානට පාත්‍රවී ඇති මෙම මූර්ති පෙළ බ්‍රිතාන්‍යයේ සමකාලීන නිර්මාන කරුවෙක් වන ඩේමියන් හර්ට්ස්ගේ නිර්මාණයකි.

දෝහා හී මෙම සතියේ විවෘත වූ සිද්‍රා ආයුර්වේද රෝහලක් ඉදිරි පිට සිදු ර ඇති මෙම නිර්මාණය විවෘත පසුබිමක් තුළ ..’ආශ්චාර්යමත් චාරිකාව’ ලෙස නම් කර ඇත.

මෙහි අවසන් මූර්තිය අඩි 14ක බිළිදෙක් මූර්තිමත් කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂිකා ලයිලා ඉබ්‍රහිම් බච්චා පවසන්නේ මෙය කලා නිර්මාණයකට එහා ගිය සමාජ කතිකාවක් නිර්මාණයෙහි ලා සිදු කළ කලා කටයුත්තක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි