×

”ව්‍යාග්‍රයින්ගේ රජ දහන” ඉන්දියාවේ ජිම් කොබෙට් වනාන්තරය

1957 වසරේදී එය ජිම් කෝබට් ජාතික වනෝද්‍යානය ලෙස නැවත නම් කරනු ලබන්නේ 1920 දශකයේදී නයිනතාල් ආසන්න ගම්මානවල ජීවත්වූවන් බියට පත්කළ මිනීමරු දිවියන් දඩයම් කර ඔවුන් අතර වීරයකු බවට පත්වු ඉංග්‍රීසි ජාතික ජිම් කෝබට් අනුස්මරණය කිරීමේ අරමුණිනි.


සංචාරක ආකර්ෂණය දිනා ගන්නට සමත් ස්ථාන රැසකින් සමන්විත ඉන්දියාවේ පිහිටි Jim Corbett ජිම් කෝබෙට් ඉන්දියාවේ පිහිටි වනාන්තර අතරින් පැරණිතම ජාතික වනෝද්‍යානයයි . ජිම් කෝබෙට් වනෝද්‍යානය උත්තරඛාන්ඩ් ප‍්‍රාන්තයේ රාම්නගර් හී නයින්තාල් නගරයට නුදුරින් පිහිටා ඇති අතර එය ඉතාමත් ප්‍රසිද්ධ වන්නේ ව්‍යාග්‍රයන් සදහා වෙන්කළ ප්‍රදේ මෙහි පැවතීම හේතුවෙනි. වනෝද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් කි‍්‍රයාත්මක වන ව්‍යාඝ‍්‍රයින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ නොමඳ අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.සැබවින්ම මෙය අතීතයේ ව්‍යාග්‍රයන්ගේ රජදහනක්ව පැවති බව කියවේ.

එමෙන්ම විවිධ ජීවීන් විශේෂ විශාල සංඛ්‍යාවකට සෙවණ දෙන මේ වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ඉහළ තැනක් හිමිකර ගැනීමට සමත් වන්නේය.එමෙන්ම ජිම් කෝබට් ජාතික වනෝද්‍යානයත්, එයට යාබදව පිහිටි සොනානාදි රක්ෂිතයත් එහි වෙසෙන දිවියන්ට සහ ව්‍යාඝ‍්‍රයින්ට අගනා රක්ෂිත ස්ථානයකි .වර්ෂ 1936 අගෝස්තු 8 වැනි දින මෙම වනෝද්‍යානය ප‍්‍රථම වරට ආරම්භ කරන ලද අතර ඉන්දියාවේ එක්සත් ප‍්‍රාන්ත පනත යටතේ පිහිටවනු ලැබූ මෙම වනෝද්‍යානය එම ප‍්‍රාන්තවල ආණ්ඩුකාරවරයා වූ සර් මැල්කම් හේලිගේ නමින් මුල් වරට නම් කර තිබූ අතර . ඒ අනුව මෙය මුලින්ම හඳුන්වනු ලැබුවේ හේලි ජාතික වනෝද්‍යානය නමිනි.

නමුත් ඉන්දියාවට නිදහස හිමි වී පහකට පසුව එනම් 1952 වර්ෂයේදී, මෙම වනෝද්‍යානය රාමගංගා ජාතික වනෝද්‍යානය ලෙස නැවත නම් කර න ලදී. රාමගංගා නදියේ මුළු දිග ප‍්‍රමාණයෙන් වැඩි කොටසක් මෙම වනෝද්‍යානය තුළ පිහිටා තිබීම එයට හේතුවයි. 1957 වසරේදී එය ජිම් කෝබට් ජාතික වනෝද්‍යානය ලෙස නැවත නම් කරනු ලබන්නේ 1920 දශකයේදී නයිනතාල් ආසන්න ගම්මානවල ජීවත්වූවන් බියට පත්කළ මිනීමරු දිවියන් දඩයම් කර ඔවුන් අතර වීරයකු බවට පත්වු ඉංග්‍රීසි ජාතික ජිම් කෝබට් අනුස්මරණය කිරීමේ අරමුණිනි.


Jim Corbett

පසුකලෙක ඔහු විසින් ඔහුගේ අත්දැකීම් ඇසුරින් ලියූ කෘති ලොව පුරා විවිධ භාෂාවන්ට පරිවර්තනය වී විය. “ කුමායන් හි මිනීකන ව්‍යාඝ‍්‍රයෝ” සහ “රුද්‍රප‍්‍රයාගයේ මිනී කන දිවියා” නමින් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ඔහුගේ ඉතා සුප්‍රසිද්ධ වූ ග්‍රන්ථයි. අහිංසක මිනිසුන් විසින් වරෙක භූතයන් හෝ යක්‍ෂයන් ලෙස හඳුන්වනු ලැබුවා වූ මිනීකන මහ බළලුන් වනසා දමා ඔවුන්ගේ ජීවිත සුරක්‌ෂිත කිරීම හේතුවෙන් ඔහු නයිනතාල්හී දෙවියන් ලෙසද නම් කරන ලද්දේ එහි වැසියන් විසිනි.

විශේෂ 600 කට අධික පක්ෂින් ප‍්‍රමාණයක්ද මේ වනෝද්‍යානය තුළදී දැකගැනීමට හැකි අතර වර්ග කිලෝ මීටර 520 ක විශාලත්වයකින් යුක්ත වන මේ වනෝද්‍යානය නැරඹීමට දහස් ගණනක සංචාරකයින් වසරකට පැමිණෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි