×

‘‘ වැක්සින් මාත්‍රා 2 විතරක් මදි.. බූස්ටරයත් ගන්න!‘‘ – ෆයිසර් සමාගමේ නවතම නිගමනය !

වැක්සින් මාත්‍රා දෙක පමණක් කොරෝනා වෛරස් වසංගතය මර්දනය සඳහා සෑහෙන්නේ නැති බවත්, ඒ අනුව තමන් විසින් නිපදවන බූස්ටරය ද ලබාගත යුතු බවත් ෆයිසර් සමාගම කියා සිටියි.


මේ ප්‍රකාශයත් සමග ඇමරිකාව තුළ පවා ඇති ව තිබෙන්නේ විශාල ආන්දෝලනයකි.

ඇමරිකාව මේ වන විට සිය ජනගහනයෙන් 48.4%ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කර අවසාන අතර, එ් අනුව වැක්සින් මාත්‍රා මිලියන 334 ක් ලබා දී ඇත. ඇමරිකාවේ ජන ජීවිතය නැවත යථා තත්වයට පත් වෙමින් තිබෙන අතර, පාසල්ද විවෘත කර තිබේ. ලොක්ඩවුන් තත්වයන් ද බොහෝ දුරට අඩු කර තිබේ. ඇමරිකාවේ දත්තවලට අනුව එන්නත්කරණය මගින් වසංගතය පැතිරීම බොහෝ දුරට මර්දනය වී ඇත.

නමුත් ඩෙල්ටා කෝවිඩ් ප්‍ර භේදයේ පැතිරීම තුළ නැවත වරක් ජන ජීවිතය අඩාල වීමේ අවදානමක් පවතින අතරවාරයේ ෆයිසර් සමාගමේ මෙම නිවේදනය ජනතාව අතර විශාල නොසන්සුන්කමක් ඇති කරලීමට සමත් ව තිබේ.

ලංකාවටත් අදාළයි !

ඇමරිකාව තවමත් බූස්ටරය ලබාදීමේ තීරණයක් ගෙන නැත.

නමුත් විද්‍යාත්මක දත්ත මත පදනම්ව ෆයිසර් සමාගම මෙම තීරණය ගෙන ඇති නිසා, වැක්සින් මාත්‍රා දෙක පමණක් ගැනීම සෑහේද යන පැනය ද මතු වේ. ෆයිසර් සමාගමේ නවතම නිවේදනය අනුව ලබාගත යුතු මාත්‍රා ගණන 03 කි.

අද දිනයේ ලංකාවට තවත් ෆයිසර් මාත්‍රා 26000 ක් ලැබෙන බවට පුවත් පළ වේ. මීට පෙර ලැබුණු ෆයිසර් මාත්‍රා ද සමග ලංකාව ෆයිසර් එන්නතෙන් මාත්‍රා 52,000 ක් මේ අනුව ලබාගනු ඇති. ඒ අනුව බූස්ටරයේ කතාව ලංකාවේ අපට ද අදාළ වේ.

කියවන්න – තවත් ෆයිසර් මාත්‍රා 26000 ක් එයි !



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි