×

ෂින්ජියැන්ග් භාණ්ඩ තහනම ජූනි මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සූදානමක?

ජූනි මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයනය කරන ලද භාණ්ඩ තහනම් කිරීමට එක්සත් ජනපද බලධාරීන් සූදානම් බව ප්‍රකාශ වේ.


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දෙසැම්බර් මාසයේදී ” Uyghur බලහත්කාර කම්කරු වැළැක්වීමේ පනත” (UFLPA) අත්සන් තබනු ලැබුවේ ෂින්ජියැන්ග් නිෂ්පාදන වලින් එක්සත් ජනපද වෙළඳපල ආරක්ෂා කර ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝකයට බොහෝ ද්‍රව්‍ය සපයන ෂින්ජියැන්ග්වරු ලෝක ප්‍රකට කපු නිෂ්පාදකවරුන්ය. එම සියලුම භාණ්ඩ නිපදවීමට ශ්‍රමය ලබා ගන්නේ බලහත්කාරයෙන් බව පැවැසේ. මේ හේතුව නිසා ඇමරිකානු මානව හිමිකමි සංවිධාන ”වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ” ආනයනය නොකරන ඉල්ලා සිටියි.

මෙම භාණ්ඩ තහනම සිදු කර ඇත්තේ උයිගර් වැසියන්ට සහ අනෙකුත් මුස්ලිම් කණ්ඩායම්වලට එරෙහිව චීනය බලහත්කාරයෙන් වැඩ ගැනීම පිළිබඳ සාධාරණ සාක්ෂි තිබේ නම් , වර්තමාන නීතිය යටතේ භාණ්ඩ තහනම් කිරීමට ඇති හැකියාව මතයි. ඒ වෙනුවෙන් එක්සත් ජනපදය දක්වන විරෝධතාවක් වශයෙන් , මෙම භාණ්ඩ තහනම පනවා ඇත.

මෙම තීරණය හේතුවෙන් චීනය විසින් අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට ලොකු බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

UFLPA ක්‍රියාත්මක කිරීමේ කාර්ය සාධක බලකායේ CBP හි වැඩබලන විධායක අධ්‍යක්ෂ ‘ Elva Muneton’ ප්‍රකාශ කර තිබුණේ ” අප සියලු දෙනාම රාමු ගතව ඇති බවත් , සම්පත් ඇති බවත් , ජූනි 21 සිට මෙම පනත බලාත්මක කිරීමට සුදානම් ” බවත්ය.

අපනයන ක්‍රියාවලිය නැවත යථාතත්වයට පත් තර ගැනීමට නම් ”ආනයනය කරනු ලබන නිෂ්පාදනයේ සැපයුම් දාමය බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමයෙන් තොර බවට ලියකියවිලි, පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන සාක්ෂි අවශ්‍ය වනු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.”

එක්සත් ජනපදය විසින් කරන ලද මෙම චෝදනාව මුලින් ෂින්ජියැන්ග් කලාපය ප්‍රතික්ෂප කළ මුත් , පසුව සින්ජියැන්ග්හි ත්‍රස්තවාදය, බෙදුම්වාදය සහ ආගමික රැඩිකල්වාදය මැඩලීමට අවශ්‍ය “වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන” පවත්වාගෙන ගිය බව ඔවුන් පිළිගෙන ඇත.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි