×

සත්ත්ව අයිතීන් වෙනුවෙන් නිරුවත් විරෝධතාවක්.

'' ඔබගේ එක් කබායක් වෙනුවෙන් ජීවයන් කීයක් නම් උදුරා ගන්නාවද ?


පසු ඉරිදාවේ ස්පාඤ්ඤයේ බාර්සිලොනා නගරයට රැස් වූ විරෝධතාකරුවන් පිරිසක් විසින් නගර මධ්‍යයේ කාර්යබහුල චතුරස්‍රයක් ඉදිරියේ සිය සියලු ඇඳුම් උනා දමා නිර්වස්ත්‍රවිය.

ඒ සත්ත්ව කොටස් සහ සත්ත්ව හම් භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ භාවිතා කිරීමට සිය විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි.  සත්ත්ව අයිතීන් පිළිබඳ සංවිධානයක් වන ඇනීමා නැචුරාලිස් Anima Naturalis සංවිධානය විසින් මෙම නිහඬ විරෝධතාව සංවිධානය කර තිබුණි.

නිරුවත්ව බිම වැතිර සිටි සියළු විරෝධතා කරුවන් සිය සිරුරු කෘතිම රුධිරයෙන් නහවා ජනතාව වෙත පණිවිඩයක් ලබා දුන්හ. ඔවුන් අසා සිටායේ ” ඔබගේ එක් කබායක් වෙනුවෙන් ජීවයන් කීයක් නම් උදුරා ගන්නාවද ?” යන්නයි.

ඔවුන් සිය විරෝධතාව සංවිධානය කර තිබුණේ වැඩි පිරිසක් රැස්වන මෙන්ම සංචාරකයන් වැඩි පිරිසක් එක්වන බාර්සිලෝනා නගර මධ්‍යයයි. සතත්ව අයිතීන් සුරැකීමේ ආයතනයක් වන PETA සංවිධානය පවසන්නේ ලොකය පුරා හිවලුන්, මින්ක් නම් මුගටීන් වර්ගය ආදී ලොම් සහිත සතුන්ගේ සම් 85% අලෙවි වන්නේ මෙම සත්වයන් මරා දැමීමට සහ ඔවුන්ගේ සම ගලවා ගැනීමට පෙර ඔවුන්ගේ මුළු මහත් ජීවිතයම ඉතා කුඩා කූඩු තුළ සිර ගත කර තැබීමෙන් පසුව බවයි.

සත්ව සම් ලබා ගැනීම සඳහා ලොම් සහිත සතුන් ඇති කිරීම 2000 වසරේදී එංගලන්තය තුළ තහනම් කළද යුරෝපය පුරා මෙන්ම සමස්ත ලෝකය පුරාම මේ මොහෝත වන විටද එය සිදු වන බව මෙම සංවිධානය චෝදනා කර සිටී.

ලෙදර් හෝ අනෙකුත් ඇඟළුම් සහ භාණ්ඩ බවට පත්කළ හැකි සමක් සහිත සතුන් ලෝකය පුරා බිලියන ගණනින් මරා දමන බව PETA සංවිධානය පවසයි.


‘How many lives just for one coat?’

අද වන විට ලොව ඇඟළුම් ක්ෂේතයේ ප්‍රමුඛ නමක් තබා ඇති Armani, Coach, Versace, Michael Kors, Gucci සහ Burberry අදී සුප්‍රසිද්ධ ආයතන විසින් සත්ව සම් රහිත නිෂ්පාදන සඳහා සම්පූර්ණයෙන්ම යොමු වී ඇත.

මිනිස් අවශ්‍යතාව පිරිමැසීම සඳහා මේ අයුරින් අහිංසක සතුන් බිලි දීම අසාධාරණ බව බාසිලෝනා විරෝධතාව ගැන අදහස් පල කළෝ කියා සිටියහ.  ඒ කෙසේ වුවත් අදටත් ලෝකයේ බෙහෝමයක් පිරිස් විසින් සත්ත්ව සමින් නිපදවන භාණ්ඩ සහ ඇගළුම් සඳහා ඇලුම් කරන අතර ඒ පිටු පස සැඟව ඇති කිසිවක් නොතේරෙන අහිංසක සතුන්ගේ දුක් අඳෝනාව වටහා ගැනීමට ඔවුන්ට තවමත් නොතේරීම සැබවින්ම කණගාටු දායක කරුණකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි