×

ස්පාඤ්ඤය උණුසුම්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම මගින් අර්බුදයක් නිර්මාණය කළ ඉහළ යන භාණ්ඩ මිල ගණන් පාලනය කිරීමට ස්පාඤ්ඤ මධ්‍ය-වාම ආණ්ඩුව අපොහොසත් වීම නිසා විරෝධයක් හටගෙන ඇත.


මෙම විරෝධය සඳහා ගොවීන් සහ සත්ත්ව පාලනයේ යෙදෙන්නන් 150,000 පමණ පසුගිය ඉරිදා මැඩ්රිඩ් නගරය හරහා පෙළපාලි පවත්වන්නට විය.

දක්‍ෂිණාංශික වොක්ස් පක්ෂය විසින් කැඳවන ලද දහස් සංඛ්‍යාත පෙළපාලිකරුවන් සම්බන්ධ වූ ඉහළ යන ආහාර, බලශක්ති සහ ඉන්ධන මිළට එරෙහිව විරෝධතා දැක්වීමෙන් දිනකට පසුව මෙම මහජන පෙළපාලිය සංවිධානය වී තිබේ.

එය ස්පාඤ්ඤයේ මිලියන 10 ක ජනතාවක් නියෝජනය කරන , ග්‍රාමීය සන්ධානය (Rural Alliance) විසින් සංවිධානය කරන ලද්දක්.

ස්පාඤ්ඤ ධජ ඔසවමින් පෙළපාලිකරුවන් පසුගිය ඉරිදා අගනුවර මැද වීදි හරහා ඇවිද යමින්, ට්‍රැක්ටර් මඟින් ඔවුන්ගේ නලා හඬ නංවමින් සිය ආණ්ඩු විරෝධය ප්‍රකාශයට පත් කරන්නට විය.

නමුත් අඩු ලාභ ලබන අවස්ථාවක ඉන්ධන සහ පොහොර මිළ ඉහළ යන බවට නිෂ්පාදන සමාගම් මැසිවිලි නගයි. සුනඛ අභිජනනය සීමා කිරීම සහ සත්ව දඩයම් කිරීම සීමා කරන නව සත්ව සුභසාධන රෙගුලාසි සම්බන්ධයෙන් විරෝධතා කරුවන් අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ රජය දැඩිව විවේචනය කරන්නට විය.

පසුගිය වසරේ, ස්පාඤ්ඤයේ බලශක්ති මිල ගණන් 72% කින් ඉහළ ගිය අතර, එය යුරෝපා සංගමය තුල ඉහළම අගයක් වාර්තා කලේය.

කොවිඩ් වසංගතය උණුසුම මැද, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පැවති පිරිවැය ඊටත් වඩා ඉහළ ගොස් දැඩි දේශපාලන උණුසුමක් රට තුළ නිර්මාණය වී තිබේ.

එසේම පසුගිය සඳුදා ස්පාඤ්ඤ ලොරි රථ රියදුරන් ඉන්ධන මිල සම්බන්ධයෙන් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ අතර එය ඉක්මනින්ම මහජන විරෝධතාවයක් දක්වා වර්ධනය විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි