×

ස්පුට්නික් V අත්හදා බලන්න රුසියාව සමඟ බ්‍රසීලය ගිවිසුම් ගත වෙයි

ස්පුට්නික් V කොරෝනා එන්නත පිළිබඳ පර්යේෂණ, සංවර්ධනය හා පරීක්ෂා කිරීම සඳහා බ්‍රසීලයේ පැරනෝ ප්‍රාන්ත බලධාරීන් රුසියාව සමඟ ගිවිදුම් ගතවීමට සූදානමින් පසුවෙයි.


ස්පුට්නික් V කොරෝනා එන්නත පිළිබඳ පර්යේෂණ, සංවර්ධනය හා පරීක්ෂා කිරීම සඳහා බ්‍රසීලයේ පැරනෝ ප්‍රාන්ත බලධාරීන් රුසියාව සමඟ ගිවිදුම් ගතවීමට සූදානමින් පසුවෙයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

බ්‍රසීලයේ රුසියානු තානාපති කාර්යාලයේ ප්‍රකාශයකට අනුව මෙලෙස ගිවිසුමකට එළඹීමට බ්‍රසීල ප්‍රාන්ත රාජ්‍ය තීරණය කර තිබේ.

එම ගිවිසුමට අනුව බ්‍රසීලයේ අවදානම් කණ්ඩායම් වෙත මුලින්ම මෙම එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව ආරම්භයේදී සෞඛ්‍ය වෘත්තිකයින්,ගුරුවරු,ඇතුළු අවදානම් කණ්ඩායම්වලට එන්නත ලබා දෙන අතර ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද සැලසුම් කර ඇත.

මේ වන විට Covid 19 සඳහා  සියලුම එන්නත් පිළිබඳව බ්‍රසීලය අධ්‍යයනක පසුවන අතර වඩා ඵලදායී එන්නතකට ප්‍රවේශය ලද වහාම එය සිය ජනතාව වෙනුවෙන් භාවිතා කරන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි