×

සියල්ලන් අභිබවා නවසීලන්තය ඉදිරියට – ලොව ජීවත් වීමට සුදුසුම නගරය ලෙස ඕක්ලන්ඩ් නම්කරයි

ඉකොනොමිස්ට් සඟරාවේ නවතම ශ්‍රේණි ගතකිරීම් අනුව ලොව ජීවත් වීමට හොඳම නගරය ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් පත්ව තිබේ. 


නවසීලන්තය අර්බුද හැසිරවීම සම්බන්ධයෙන් සැලකිය යුතු පැසසුමට ලක්ව තිබෙන අතර මෙම නවතම ශ්‍රේණි ගත කිරීම් සිදුව ඇත්තේ ක්විඩ් 19 වසංගතය පාලනය කිරීමට රටවල් ගත් ක්‍රියාමාර්ග පදනම් කරගෙනය.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් මෙලෙස පෙරමුණ ගෙන ඇත්තේ ලොව පුර විහිදී තිබෙන නගර 140ක් අතුරිනි.

නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන් සිව් වන ස්ථානය පත්ව තිබෙන අතර දෙවන තැන ගැනීමට ජපානයේ ඔසාකා  සමත්ව තිබේ.

තුන්වන තැන හිමිව ඇත්තේ ඔස්ට්‍ර්ලියාවේ ඇඩිලේඩි වෙතය.

පස්වන ස්ථානයට  ජපානයේ ටෝකියෝ නුවර නම් කර තිබෙන අතර හය වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර හිමිකර ගෙන තිබේ.

ස්විට්සර්ලන්තයේ සූරිච් ජිනීවා නුවර හත සහ අට වන ස්ථානවලට පත්ව තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නව වැනි තැනට පත්ව ඇත.

දහවෙනි තැන වෙන් කර ගැනීමටද ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඒ අනුව බ්‍රිස්බේන් නගරය එම තැන හිමි කරගෙන ඇති බවයි දැක්වෙන්නේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාවද දැඩි පීඩනයකට හසු වූ රටක් වන නමුත් ඔවුන් මෙම ලයිස්තුවේ ස්ථාන හතරක් අත්පත්කර ගැනීම සුවිශේෂිය.

කොවිඩ් පාලනය සඳහා මෙම රටවල් ආරම්භයේ සිටම දැඩි පියවර ගෙන තිබෙන අතර ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැපයීම අතින්ද මෙම රටවල් සුවිශේෂී වන බවයි ඉකොනොමිස්ට් සඟරාව පෙන්වා දී ඇත්තේ.

ලොව ජිවත් වීමට නුසුදුසුම නගරය ලෙස දක්වා ඇත්තේ සිරියාවේ ඩැමස්කස්ය.

ASK for LNW

The world’s most livable cities 2021

1. Auckland, New Zealand
2. Osaka, Japan
3. Adelaide, Australia
4. Wellington, New Zealand
4. Tokyo, Japan
6. Perth, Australia
7. Zurich, Switzerland
8. Geneva, Switzerland
8. Melbourne, Australia
10. Brisbane, Australia

The world’s least livable cities 2021

1. Damascus, Syria
2. Lagos, Nigeria
3. Port Moresby, Papua New Guinea
4. Dhaka, Bangladesh
5. Algiers, Algeria
6. Tripoli, Libya
7. Karachi, Pakistan
8. Harare, Zimbabwe
9. Douala, Cameroon
10. Caracas, Venezuela



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි