×

”සීතල යුද්ධයේ මානසිකත්වය හෙළා දකිමි”- BRICS රාජ්‍ය නායක සමුළුව

චීන ජනාධිපති ෂි ජන්පින් සමඟින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සාකච්ඡාවට එක් වූහ.


ඊයේ(23) දින ලොකයේම අවධානය දිනා ගත් බ්‍රිරික්ස් රාජ්‍ය නායක සමුළුව පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වන ලද රාජ්‍ය නායකයන් අතර චීනය හා රුසියාවේ අදහස් කාගේත් අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.චීන ජනාධිපති ෂි ජන්පින් සමඟින් රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා සහ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සාකච්ඡාවට එක් වූහ.

මෙම සමුළුව පැවැත්වෙන්නේ, ආර්ථික වශයෙන් මේ වන විට චීනය හා ඉන්දියාව අතර යම් බෙදීමක් හටගෙන ඇති තත්වයකය. මේ වන විට දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය ඔවුන්ගේ ආර්ථිකය අර්බුදයක ගිලී ඇති අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සහ බටහිර විසින් පනවන ලද ආර්ථික සම්බාධකවලට දඬුවම් කිරීමෙහි පැටලී තිබේන පරිසරයකය.
සාකච්ජාවට බඳුන් වූ යුක්රේන යුද්ධය පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යේමු වූ අතර මෙහිදී චීන ජනාධිපති ෂි ජින් පින් විසින් කියා සිටියේ මෙම යුද්ධය මනුෂ්‍යත්වය සඳහා අනතුරු ඇඟවීමක් බවයි. දේශපාලනීකරණය, යාන්ත්‍රිකරණය මෙන්ම ආයුධකරණය මඟින් මිනිසුන් පීඩාවට පත්ව ඇති බවත්, ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම දෙබිඩි කඩුවක් ලෙස ක්‍රියාකරණු ඇති බවත්, පෙරළා එය භූම රංගයක් වනු ඇති බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට විය.
ෂි ජින් පින් මෙහිදී තවදුරටත් කියා සිටියේ දේශපාලන හා මිලිටරි බලය පවත්වා ගැනීමට සමහර රටවල් ඒකපාර්ශ්වික සම්බාධක පනවමින් අනෙක් රටවල් පීඩනයට පත් කිරීමට එරෙහිව ලෝකය ඊට විරුද්ධ විය යුතු බවයි.

ඉතිහාසගත සංවර්ධනයේ තීරණාත්මක සන්ධිස්ථානයක වැදගත් නැගී එන වෙලඳපොලවල් සහ ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයන් ලෙස, අප නිවැරදි තේරීම් කිරීම සහ වගකිවයුතු ක්‍රියාමාර්ග ගැනීම ලෝකයට වැදගත් වේ.” යන්න නිල Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ.

මෙහිදී අදහස් දක්වන ලද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගෝලීය ආර්ථික අර්බුදය සඳහා ඇතැම් රාජ්‍යයන්ගේ නොසැලකිලිමත් සහ ආත්මාර්ථකාමී ක්‍රියා හේතූ වූ බවත් ඉන් මිදීමට නම් අවංක හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගය අත්‍යාවශ්‍යවන බවත් ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි