×

සුඩානයේ ගෝත්‍රික ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 220 දක්වා ඉහළට

මේ වසරේ රට පුරා ගෝත්‍රික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 211,000 ක් පමණ අවතැන් වී ඇති බවයි.


ඉතියෝපියාව සහ දකුණු සුඩානයට මායිම්ව පිහිටි බ්ලූ නයිල් පළාතේ ඉඩම් ආරවුලක් මත හවුසා ජනතාව බර්ටා ප්‍රජාවට එරෙහිව ගෙනගිය සටන් හේතුවෙන් මේ වන විට මියගිය පිරිස 220 දක්වා ඉහළ ගොස් ඇති බව බ්ලූ නයිල් පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.


එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ ගැටුම් හේතුවෙන් 7000කට අධික පිරිසක් අවතැන්ව ඇති අතර නිවාස විශාල ප්‍රමාණයක් ගින්න හේතුවෙන් විනාශව ඇති බවයි. එමෙන්ම මේ වසරේ රට පුරා ගෝත්‍රික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 211,000 ක් පමණ අවතැන් වී ඇති බවයි.


තත්වය පාලනය කිරීම සඳහා මේ වන විට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර එම ප්‍රදේශයට සොල්දාදුවන්ද යොදවා තිබේ. ඔවුන් සටන් විමර්ශනය කිරීම සඳහා සත්‍ය සෙවීමේ කමිටුවක් ද පිහිටුවා ඇති බව රජය ආරංචි මාර්ග වාර්තා කර තිබේ. කෙසේ නමුත් මේ වෙනුවෙන් ශක්තිමත් දේශපාලන ආරක්ෂාව සහ සිවිල් මැදිහත්වීම ජනතාව අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි