×

සෙනගාලයේ Dakar Fashion Week: බයෝබාබ් කැලයක් මැද බළලාලිත ගමනක්

සියවස් ගණනක් ඉපැරණි මහා වෘක්ෂ යෝධයන් වන බයොබාබ් ගස්වලින් පිරුණු කැළයක් මැදින් සෙනගාල් යුවතියන් බිලාළ ගමනින්, එසේත් නැතිනම් ‘බළලාලිත ගමනින්‘ ඇදී යන ආකාරය පසුගියදා දැකගන්නට ලැබුණේය.


ඒ, සෙනගාලයේ අලුත්ම විලාසිතා සතියයි. එය ‘ඩකාර් විලාසිතා සතිය‘ යනුවෙන් හඳුන්වනු ලැබේ.

ANNIKA HAMMERSCHLAG

කෝවිඩ් වසංගතයෙන් වෙළාගත් ලෝකය තුළ ඩකාර් විලාසිතා සතියේ සංවිධායකයන් ලොවට ලබාදෙන පැහැදිලි පණිවුඩය වන්නේ ‘තිරසාර බව ස්ටයිල් එකක් ලෙස හෙවත් විලාසිතාවක් ලෙස‘ – sustainability is in style යන්නයි.

environmental responsibility හෙවත් පාරිසරික වගකීම යන තේමාව යටතේ මෙහිදී නිර්මාණකරුවෝ 20 දෙනෙක් සිය නිර්මාණ ඉදිරිපත් කළහ.

ලෝකයේ ඇඳුම් කර්මාන්තය සඳහා පුනර්ජීවනය කළ නොහැකි සම්පත් වසරකට ටොන් මිලියන 100 ක් වැය කරනු ලබයි.

මෙය මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය වීමට හේතුවකි.

2015 වසරේදී පමණක් රෙදි පිළි සහ නිමි ඇඳුම් කර්මාන්තය හේතුවෙන් සිදුව තිබෙන කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ ප්‍රමාණය සමාන කළ හැක්කේ ඒ වර්ෂය තුළ සියලු අන්තර්ජාතික ගුවන් යානා සහ නෞකාවන් නිසා සිදුවූ කාබන් විමෝචනයට ය!

එසේම රෙදි පිළි සැකසීම සහ ඒවා පැහැ ගැන්වීම සඳහා විෂ සහිත රසායනද්‍රව්‍ය යොදාගැනීම, ගෝලීය වශයෙන් සිදුවන කාර්මික ජල දූෂණයෙන් 20%ක පංගුවකට වග කියයි.

පාරිසරික තේමාවක් රැගත් විලාසිතා සතියක් වුවත්, බයොබාබ් තුරු සෙවණේ මේ විලාසිතා දැක්ම පැවැත්වුවත් අවසානයේ ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කුඩ, ප්ලාස්ටික් බුමුතුරුණු සහ පෝස්ටර් විසින් ඒ තේමාව වනසා දමා තිබූ අයුරු ශෝචනීය දසුනක් විය.

ඡායාරූප – ANNIKA HAMMERSCHLAG | CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි