×

සොලෙයිමනීගේ අවමංගල්‍යයට මිලියන ගණනක් සෙනග – දියණියගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

ඉරානයේ මරා දැමුණු ජනරාල් ක්වාසම් සොලෙයිමනීගේ අවමංගල්‍යය ටෙහෙරාන් නුවර සිදු කෙරෙමින් පවතින අතර, මිලියන ගණනක් සෙනග ඒ සඳහා ටෙහෙරාන් නුවරට රැස්ව සිටිති.


ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියා වූ සොලෙයිමනී, ඉරානයේ දෙවැනි බලවත් මිනිසා සහ, මැදපෙරදිග කලාපයේ බලවත්ම හමුදා නායකයා ලෙස සැලකුණි.

මරා දැමුණු හමුදා නායකයාගේ ඡායාරූප ඇතුළු සමරු සටහන් අතින්ගත් ඉරාන ජාතිකයන් ‘ඇමරිකාවට මරණය‘ යනාදී සටන් පාඨ කියමින්ද, ඇමරිකානු ධජ පුළුස්සා දමමින් ද සිය විරෝධය පළ කරති.

සොලෙයිමනීගේ පදවියට පත් කළ නව හමුදා නායකයා අවසන් ගෞරවය  දක්වමින් Reuters

ඝාතනය කළ හමුදා ජනරාල්වරයාගේ දියණිය, සෙයිනාඩ් සොලෙයිමනී ද ඇමරිකාවට අනතුරු අඟවා තිබේ.

‘උන්මත්තක ට්‍රම්ප්, මගේ පියාගේ ප්‍රාණ ත්‍යාගයත් සමග හැම දේම ඉවරයි කියා හිතන්න එපා!‘ යැයි ඇය පැවසුවාය.

“Crazy Trump, don’t think that everything is over with my father’s martyrdom,”

අද දිනයේ ටෙහෙරාන් නුවර අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමෙන් පසු ජනරාල් සොලෙයිමනීගේ අවශේෂයන් ෂියා ඉස්ලාම් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ක්වොම් වෙත ගෙන යනු ඇත. හෙට (07) දිනයේ ඔහුගේ උපන් නගරය වන කර්මන් හිදී ද තවත් අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිත ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි