×

හමාස් එක්සත් රාජධානිය විසින් තහනම් කරයි

ගාසා තීරය පාලනය කරන කණ්ඩායමේ සන්නද්ධ අංශය දැනටමත් එක්සත් රාජධානිය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇත.


පලස්තීන හමාස් සටන්කාමී සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එරට ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් විසින් ප්‍රකාශ කර තිබේ.ගාසා තීරය පාලනය කරන කණ්ඩායමේ සන්නද්ධ අංශය දැනටමත් එක්සත් රාජධානිය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇත.

මෙසේ තහනම් කරන ලද සංවිධානයකට අයත් වීම හෝ ඊට සහාය දැක්වීම,ඔවුන්ට ආරාධනා කිරීම හෝ එකී කණ්ඩායමට සහාය දක්වමින් නිරූපිත ඇඳුම් ඇඳීමද වරදකි.ඊට දඬුවම උපරිම වසර 14ක සිර දඬුවමක් හෝ දඩයකි.සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තහනම් නියෝගයක් අනුව මෙම තීරණය නොවැම්බර් 26 දින සිට බලාත්මක වනු ඇත.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව බරපතල සන්නද්ධ ප්‍රහාර එල්ල කර ඇති අතර දෙපාර්ශවය අතර වසර ගණනාවක සිට දැඩි ගැටුමක් පවති. 2006 දී හමාස් සංවිධානය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය, ඊජිප්තුව සමඟ ගාසා තීරයට එරෙහිව යුද්ධ මාලාවක් දියත් කර ඇත. මානව හිමිකම් සංවිධාන විසින් මෙම දෙපාර්ශ්වයටම යුද අපරාධ කළ බවට චෝදනා කර ඇත.දැන් හමාස් යනු එක්සත් රාජධානියේ තහනම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායම් 78 න් එකක් වන අතර පසුගිය වසර තුළ ස්වදේශ කටයුතු ලේකම් විසින් නිකුත් කරන ලද තුන්වන තහනම් නියෝගය සහිත සංවිධානය මෙය වේ.

මෙම හමාස් කණ්ඩායම දැනටමත් එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ අනෙකුත් බලවතුන් විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.හමාස් සන්නද්ධ කණ්ඩායම 2001 මාර්තු මාසයේදී එක්සත් රාජධානිය විසින් තහනම් කරන ලදී.නමුත් 2005 න් පසු ඊශ්‍රායලය ගාසා තීරයෙන් සිය හමුදා සහ පදිංචිකරුවන් ඉවත් කර ගැනීමත් සමඟ හමාස් සංවිධානය ද පලස්තීන දේශපාලන ක්‍රියාවලියේ නිරත වී ඇත. ඔවුන් 2006 ව්‍යවස්ථාදායක මැතිවරනය ද ජයග්‍රහණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි