×

හමුදා අත්අඩංගුවෙන් මාසයකට පසු සුකී අධිකරණයට හමුවට – වසර තුනක සිර දඬුවමකුත් නියම කරලා

හමුදා අත්අඩංගුවේ පසුවන මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සුකී අද පළමු වරට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.


ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනි දින ඇය එරට හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇගේ නීතිඥයින්ට දැකගැනීමට ලැබුණු පළමු අවස්ථාව මෙය වෙයි.

එම වීඩියෝ දර්ශන අනුව නම්  ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඇගේ නීතිඥයින් පවසා ඇත්තේ.

පසුගිය පෙබරවාරි 01 වැනිදා ඇය හමුදා අත්අඩංගුවට පත් වූ පසු ඇය රඳවා සිටි ස්ථානයක් පිළිබඳව අනාවරණය නොවුණි.

ඇයව නිදහස් කර යළි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බලකරමින් මියන්මාර වැසියන් අඛණ්ඩව මාරාන්තික උද්ඝෝෂණවල නියැලී සිටින අතර පොලිස් ප්‍රහාර හමුවේ මේ එන විට උද්ඝෝෂණවලට සහභාගී වූ 18 දෙනෙකු ඝාතනය වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසා තිබුණේ.

ගිය වසරේ නොවැම්බරයේ පැවති මැතිවරණය සාධාරණය නොවන බව පවසමින් අවුන් සාන් සුකී සමඟ සිය දෙනෙකු පමණ අත්අඩංගුවට පත් වූයේ නව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමට දිනකට පෙරය.

අද අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇයට එරෙහිව පෙර ගොණු කර තිබුණු චෝදනාවලට අමතරව තවත් චෝදනා ගොණු කර තිබුණි.

ඒ අනුව නීති විරෝධී සන්නිවේදන උපකරණ භාවිතය හා එරට ස්වභාවික  ආපදා නීතිය කඩ කිරීමට අමතරව අළුතින්  මැතිවරණ ව්‍යාපාරය තුළ කොවිඩ් 19 නීති උල්ලඝනය ඇතුළුව චෝදනා ගොණුකර ඇති  අතර මුල් චෝදනා දෙකට අදාළව වසර තුනක සිර දඬුවමක් නියම කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් පසුව නගන ලද චෝදනාවලට කෙසේ දඬුවම් දිය හැකිද යන්න පිළිබඳව පැහැදිලිභාවයක් නැති බවත් නඩුව එළෙඹෙන මාර්තු 15 යළි කැඳවීමටත් නියම වී තිබේ.

පවතින තත්ත්වය හමුවේ අද දිනයේත් මියන්මාරයේ නගර කිහිපයකම සුකීට සහය පළකරමින් විරෝධතා පවත්වා ඇත.

නිරායුධ විරෝධතාකරුවන්ට පොලිසිය වෙඩි තබන බවත් එම වෙඩි පහරවල් වලින් බේරීම සඳහා දස අතර දුවමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි