×

හොං කොං හි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධානයක සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට

මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක් වන අත් අඩංගුවට ලක් වූ හෑන්ග් මේ වසර මුලදී අත්අඩංගුවට ගෙන අනවසර රැස්වීමක් ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල විය. පසුව ඇය ඇප මත මුදා හැරිණි.චීනය මෑතකදී හොංකොං හි පුළුල් ආරක්‍ෂිත ජාතික ආරක්‍ෂක නීතියක් පැනවූ අතර එය වෙන්වීම, යටත් කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය බලවේග සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපරාධයක් බවට පත් කළේය


හොං කොං හි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධානයක සාමාජිකයින් කිහිප දෙනෙකු “විදේශ නියෝජිතයෙකු” ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල කරලිමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයෙකු සහ නීතීඥ චව් හෑන්ග් ටුන්ග් ද විය.ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි උපරිම දඩුවම් නියම කෙරෙන ජාතික ආරක්‍ෂක නීතිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.1989 වසරේ ටියානන්මෙන් ඛේදවාචකයේ වාර්සික සැමරුම අතර තුරු මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර තිබේ.

මිටපෙර මෙම සංවිධානයේ තොරතුරු ලබාදෙන ලෙස එරට පොලිසියේ ජාතික ආරක්‍ෂක අංශය විසින් නියෝග කර තිබිණ.ඊට එම සංවිධානය සිය විරෝධය ප්‍රකාශ කරලිපියක් භාර දි ඇත.ඉන් පසුදා උදෑසන පොලිස් නිලධාරීන් සන්ධානයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් සිව් දෙනෙකු නිවෙස් වල සහ කාර්යාල වලදී අත්අඩංගුවට ගෙන ඇත.තම ඉල්ලීමට අවනත නොවන අයට මාස හයක සිර දඩුවමක් සහ හොංකොං ඩොලර් 100,000 (ඩොලර් 12,800, පවුම් 9,300) දක්වා දඩයක් නියම කළ හැකි බව පොලිසිය පවසා තිබේ.

මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක් වන අත් අඩංගුවට ලක් වූ හෑන්ග් මේ වසර මුලදී අත්අඩංගුවට ගෙන අනවසර රැස්වීමක් ප්‍රවර්ධනය කළ බවට චෝදනා එල්ල විය. පසුව ඇය ඇප මත මුදා හැරිණි.චීනය මෑතකදී හොංකොං හි පුළුල් ආරක්‍ෂිත ජාතික ආරක්‍ෂක නීතියක් පැනවූ අතර එය වෙන්වීම, යටත් කිරීම, ත්‍රස්තවාදය සහ විදේශීය බලවේග සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපරාධයක් බවට පත් කළේය

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි