×

ඊශ්‍රායලයෙන් සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් 07ක් මිය යයි!

ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන හා ආර්ථික බලවේගය ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ සාමාජිකයින් 7දෙනෙකු වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 02, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ රාත්‍රී 7.30 ට පමණ සිරියාවේ ඉරාන කොන්සියුලර් කාර්යාලය ඉලක්ක කරගනිමින් , එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 7 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ, ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන හා ආර්ථික බලවේගය ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ සාමාජිකයින් 7දෙනෙකු වේ.

ඊශ්‍රායල ගුවන් යානයක් අදාළ ප්‍රහාර එල්ල කළ බව සිරියානු හමුදාව සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ , කෙසේවෙතත් විදෙස් පුවත් වාර්තාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බවයි.

ප්‍රහාරයෙන් කොන්සියුලර් කාර්යාලයේ මහල් ගොඩනැගිල්ලක්, සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් වාර්තා පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි