×

ජපානයේ නෞකාවක කොරෝනා වෛරස ආසාදිතයින් 10 දෙනෙකු හමුවෙලා!

කොරෝනා වෛරසය එකී නෞකාවට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳ පැණයක් පැවති අතර, දැනට විශ්වාස කරන්නේ හොංකොං ජාතික වියපත් පුද්ගලයා හරහා නෞකාව තුළ මෙම වෛරසය පැතිර යන්නට ඇති බවයි.


ජපානයේ යොකොහාමා වරායට ගොඩබස්වන ලද යාත්‍රාවක කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අවම වශයෙන් දහ දෙනෙකු වත් සොයා ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඩයමන්ඩ් ප්‍රින්සස් නම් ඒ නෞකාවේ ගමන් ගත් මගීන් 3,700 ක අතරින් 300 ක පමණ මේ වන විට වෛද්‍ය පරීක්ෂා වලට බඳුන් කර ඇති බව වාර්තා වේ. එම වෛද්‍ය පරීක්ෂා මේ වන විටත් පවත්වමින් තිබේ.

බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමුවී තිබෙන්නේ නෞකාවේ ගමන් ගත් අසූ හැවිරිදි වියපත් පුද්ගලයකු රෝගාතුර වීමත් සමඟයි. මෙම පුද්ගලයා හොංකොං ජාතිකයකු බවට පැවසේ.

දැනට වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් දස දෙනා ම වයස අවුරුදු 50 ඉක්මවන පුද්ගලයින් බවට වාර්තා වේ. ඒ අතර ජපාන ජාතිකයින් දෙදෙනෙකු සිටින බවට ජපාන එන්එච්කේ පුවත් සේවය වාර්තා කරයි.

මීට අමතරව වෛද්‍ය පරීක්ෂාවට බඳුන් කළ මඟීන් ගෙන් ප්‍රතිඵල තහවුරු කරගත් පුද්ගලයින් 31 දෙනා අතර මෙම ආසාදිත පුද්ගලයින් සිටි බවට ද වාර්තා වේ.

කොරෝනා වෛරසය එකී නෞකාවට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳ පැණයක් පැවති අතර, දැනට විශ්වාස කරන්නේ හොංකොං ජාතික වියපත් පුද්ගලයා හරහා නෞකාව තුළ මෙම වෛරසය පැතිර යන්නට ඇති බවයි.

මීට අමතරව අද දින වන විට කොරෝනා වෛරස ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව 490 දක්වා ඉහළ ගිය බවට වාර්තා වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි