×

හෙලිකොප්ටර් අනතුරෙන් මැලේසියාවේ 10 දෙනෙකු ජීවිතක්ෂයට!

නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ මෙම සිද්ධිය සිදුව ඇති බවද වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් බව තහවුරු වී ඇති බව ndia TV News වාර්තා කරයි.

ඒ අනුව මැලේසියානු නාවික හමුදාව තහවුරු කළේ HOM (M503-3) සහ Fennec (M502-6) මාදිලියේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇති බවයි.

මැලේසියානු ගුවන් හමුදාවේ 90 වැනි සංවත්සරයට අදාළ ගුවන් පුහුණු වීම් සිදු කරන අතරතුර මෙම අනතුර සිදු වූ බව Asharq Al-Awsat මාධ්‍ය වාර්තා කරයි.

නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ මෙම සිද්ධිය සිදුව ඇති බවද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි