×

සටන්කාමීන්ගේ පහර දීමෙන් පොලිස් නිලධාරීන් 10 ක් මරුට!

ප්‍රහාරයෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්වේ.


සටහන – රෂිකා හෙන්නායක


පෙබරවාරි , 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාකිස්ථානයේ ඡන්දය පැවැත්වීමට දින කිහිපයකට පෙර මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි.

ප්‍රහාරයෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්වේ.

30කට වැඩි ත්‍රස්තවාදීන් තුන් දිශාවකින් ප්‍රහාර එල්ල කර ඇති අතර ,පැය දෙකහමාරකට වැඩි කාලයක් වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව පැවසේ.

Dera Ismail Khan දිස්ත්‍රික්කයේ Chaudhwan පොලිස් ස්ථානයට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය පවසනවා , ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී ඡන්දදායකයින්ගේ ආරක්ෂාව සඳහා දහස් ගණනක් ආරක්ෂක නිලධාරීන් රට පුරා යොදවනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි