×

ලිබියාවේ ගංවතුර හේතුවෙන් 10,000ක් අතුරුදන් ; 5,200ක් මිය යයි

දස දහස් ගණනක් ජනයා බලාපොරොත්තුවක් නොමැතිව අවතැන් වී සිටියි.


සති අන්තයේ ලිබියාවට බලපෑ ගංවතුර හේතුවෙන් වරාය නගරයක් වන ඩර්නාවෙහි 5,300ක් පිරිසක් මියගොස් 10,000 අධික පිරිසක් අතුරුදන්ව ඇති බව රතු කුරුස සංවිධානය වාර්තා කර තිබේ.

මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව රජයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් අබු-ලමුෂා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති අතර බොහෝ මළ සිරුරු මුහුදට ගසාගෙන ගොස් ඇති බවත්, මුළු ප්‍රදේශයම මුහුදට සෝදාගෙන ගොස් ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලිබියානු ජාතික සන්නිවේදන නිලධාරි Rami Elshaheibi පැවසුවේ Derna හි තත්වය “තේරුම් ගැනීමට නොහැකි තරම් විනාශකාරීවන බවත් නගරයෙන් 25% ක් අතුරුදහන්ව ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් නෝර්වීජියානු සරණාගත කවුන්සිලය පැවසා තිබෙනේ, දස දහස් ගණනක් ජනයා බලාපොරොත්තුවක් නොමැතිව අවතැන් වී ඇති බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි