×

ඉන්දුනීසියාවේ මරාපි කන්ද පුපුරයාම හේතුවෙන් කඳු නගින්නන් 11 මියගොස් 12ක් අතුරුදන්

පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 127න් මරාපි ගිනිකන්ද වඩාත්ම ක්‍රියාකාරී වේ.


ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ මරාපි ගිනිකන්ද සක්‍රිය වීම හේතුවෙන් කඳු නගින්නන් 11 දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 127න් මරාපි ගිනිකන්ද වඩාත්ම ක්‍රියාකාරී වේ. මීටර් 2,891 (අඩි 9,500) උස ගිනි කන්ද ඉරිදා පුපුරා ගියේ ගිනිකඳු අළු ඉසිමින් සහ යෝධ දුමාරයක් අහසට යවමිනි.

බටහිර සුමාත්‍රා හි සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රධානී අබ්දුල් මලික් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මේ වන විට ප්‍රදේශයේ ඉවත් කිරීම් සිදුවෙමින් පවතින බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි