×

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව සඳහන් වේ.


සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව සඳහන් වේ.

පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි