×

චීනයේ හෙනාන්හි පාසලක නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 13 දෙනෙක් මිය ගිහින්!

හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ රාත්‍රියේ මෙම ගින්න ඇති වූ බවයි වාර්තා වන්නේ


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම චීනයේ පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන්  13 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සිංහුවා ප්‍රාන්ත පුවත් ඒජන්සිය වාර්තා කරයි,

හෙනාන් පළාතේ යන්ෂාන්පු ගම්මානයේ කුඩා ළමුන් සඳහා වන පාසලක ඊයේ (19) රාත්‍රියේ මෙම ගින්න ඇති වූ බවයි වාර්තා වන්නේ,

චයිනා ඩේලි පුවත්පතට අනුව, පෞද්ගලිකව පවත්වාගෙන යනු ලබන පාසල ළදරු පාසල් සහ ප්‍රාථමික වයස්වල සිසුන් සඳහා පිහිටවූවක් බව සඳහන් වේ.

පාසලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි