×

නාය යාමකින් ඉන්දුනීසියාවේ 18ක් මිය යයි!

අධික වර්ෂාව හේතුවෙන් සුලාවෙසි දිවයිනේ නායයෑම්සිදුවූ අතර නිවාස හතරක් විනාශ වූ බව වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):අධික වර්ෂාව හමුවේ, ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නායයෑම්වලින් 18 දෙනෙකු මිය ගොස් ,තවත් දෙදෙනෙක් අතුරුදන් බව සඳහන් වේ.

මේ වන විට පොලිස් නිල සුනඛයන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් යොදා ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයින් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පුද්ගලයන් දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව දකුණු සුලවේසි ප්‍රාන්ත රජය වාර්තා කළේය.

අධික වර්ෂාව හේතුවෙන් සුලාවෙසි දිවයිනේ නායයෑම්සිදුවූ අතර නිවාස හතරක් විනාශ වූ බව වාර්තා වේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග රැසකටද හානි සිදු වූ අතර, ඒ හේතුවෙන් සහන කටයුතු වලටද බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි