×

කොරෝනාවට එරෙහිව න​ව එන්නත් දෙකක්

මිලියන 25ක් පමණ වන ඕස්ට්‍රේලියානු ජනතාව වෙනුවෙන් මෙසේ එන්නත් ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් කෝටි 170ක් (ඇමෙරිකානු ඩොලර් කෝටි 124) වියදම් කිරීමට රජය ඇස්තමේන්තු කර ඇතැයි ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් පවසා තිබේ. 


මිලියන 25ක් පමණ වන ඕස්ට්‍රේලියානු ජනතාව වෙනුවෙන් එන්නත් ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් කෝටි 170ක් (ඇමෙරිකානු ඩොලර් කෝටි 124) වියදම් කිරීමට රජය ඇස්තමේන්තු කර ඇතැයි ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් පවසා තිබේ.
කොවිඩ් වසංගතයට එරෙහිව සාර්ථක ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන බවට විශ්වාසය තැබිය හැකි එන්නත් දෙවර්ගයක් ඇති බවත්, ඒවායෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව වෛද්‍යවරුන් තහවුරු කළහොත්, මාත්‍රා මිලියන 85ක් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත .
මෙම එන්නත් දෙකින් එකක් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් නිපදවනු ලැබූවක් වන අතර, අනෙක ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සංවර්ධනය කරන ලද්දකි.
මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 26,000ක් පමණ වන අතර 769 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇ​ත.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි