×

තමිල්නාඩුවේ නළලිං පතුලේ සිරවී සිටි දෙහැවිරිදි දරුවා ජීවිතයෙන් සමුගනී

එම දරුපැටවා ගේ ජීවිතය බේරා ගැනීමට බලධාරීන් අසමත් විය..


පසුගිය සිකුරාදා (25) දින ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි ප්‍රදේශයේ නළලිං වලක වැටී සිටි අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවා අදා දින අළුයම මරණයට පත්ව ඇති බවට වාර්තා වේ. 

දෙහැවිරිදි සිඟිත්තා ගේ සිරුර සොයාගන්නා විට නළලිං පතුල තුල දිරාපත් වීමට ලක්වී තිබූ අතර, එම දරුවා ගේ දිවි බේරා ගැනීම සඳහා සමාන්තර උමඟක් හෑරීමේ මෙහෙයුම ඔහුගේ මරණය වාර්තා වූ සැනින් නතර කරන ලදී. 

ඊයේ (28) රාත්‍රියේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම දරුවා බේරා ගැනීමට පැය 12 ක කාලයක් වත් ගත වනු ඇති බවටයි. ළිං පතුලෙන් නැඟෙන අධික දුර්ගන්ධයත් සමඟ අවිනිශ්තිතභාවයකින් පසුවී ඇති බලධාරීන් සිඟිත්තා ගේ දිවිගලවා ගැනීමට අවාසනාවන්ත අන්දමින් අසමත් වී තිබේ. දින 4 ක පමණ කාලයක් මෙම දරුපැටවා ආහාර හෝ ජලය නොමැතිව හිඳ මිය ගොස් ඇත.

මෙසේ ජීවිතයට සමුදුන් දෙහැවිරිදි කුඩා සුජිත් විල්සන් ගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ‍

පුංචි සුජිත් විල්සන් පසුගිය සිකුරාදා දින අතහැර දැමූ බොර වලක් සහිත නළළිං විවරයක් අසල සෙල්ලම් කරමින් සිටියදී ඔහු ඇතුලට වැටුණේය. මෙම පුවත ආරංචි වීම සමඟ සමාජ මාධ්‍ය ගිනිබත් වූ අතර පුළුල් ප්‍රචාරණයක් ලබා දීමට වැඩි කාලයක් ගත වූයේ නැත. එහෙත් එම දරුවා වැටුණු වල පිහිටි පාෂාණමය සැකැස්ම හා දිවි බේරා ගැනීමට දියත් කිරීමට සිදුවූ සංකීර්ණ ක්‍රියා පටිපාටිය නිසා දිවි බේරා ගැනීම බෙහෙවින් මන්දගාමී ස්වරූපයක් පෙන්වන ලදී. ඒ අනුව සමාන්තර උමගක් හාරා දරුවා වෙත ළඟා වීම ඇතුළුව ඔක්සිජන් ගමන් කිරීම සඳහා සංවෘත අවකාශයක් සකස් කර දීමට බලධාරීන් ට සිදුවිය.

කෙසේවෙතත් අවසානයේ එම දරුවා ගේ දිවි බේරා ගැනීමට තමිල්නාඩු බලධාරීන් අසමත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි