×

බ්‍රසීලයට ඔබ්බෙන් මුහුදේ විරූපිව ගිය මළ සිරුරු 20ක් සොයා ගැනේ.

මියගිය අය කැරිබියන් දූපත්වලින් පැමිණි අය විය හැකි බවට විශ්වාස කරන බවයි.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් මස 13 වන දින බ්‍රසීලයේ Pará හි ඊසාන දෙසින් වෙරළට ඔබ්බෙන් මුහුදේ බෝට්ටුවක තිබී විරුපිව නරක්වී ගිය මළ සිරුරු 20ක් පමණ සොයාගෙන ඇති බව බ්‍රසීලියානු ෆෙඩරල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර නිලධාරීන් සඳහන් කර තිබුණේ, බෝට්ටුවේ තිබී අවම වශයෙන් මළ සිරුරු 20 ක් පමණ සොයාගෙන ඇති බවත්, නටබුන් දිරාපත් වීම නිසා බෝට්ටුවේ කොපමණ සංඛ්‍යාවක් මිය ගොස් ඇත්ද යන්න නොදන්නා බවයි.

අතුරුදහන් වූ බ්‍රසීල ජාතිකයන් පිළිබඳ මෑත කාලීන වාර්තා නොමැති බව සඳහන් කරන බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, මියගිය අය කැරිබියන් දූපත්වලින් පැමිණි අය විය හැකි බවට විශ්වාස කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි