×

ඉන්දුනීසියාවේ කැස්ස සිරප් හේතුවෙන් ළමුන් 200ක් මිය යයි

විත්තිකරුවන් සිව්දෙනා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ඖෂධ නිෂ්පාදන හිතාමතාම නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට නීතියෙන් තහවුරු කර ඔවුන්ට වසර දෙකක සිර දඬුවම් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියන 1 බැගින් දඩ නියම කර තිබේ.


2022 වසරේ සිට කැස්ස වෙනුවෙන් නිෂ්පාදනය කළ සිරප් වලට සම්බන්ධ උග්‍ර වකුගඩු ආබාධයන් හේතුවෙන් දරුවන් 200කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වේ.

Afi Farma සමගම විසින් නිපදවන ලද කැස්ස සිරප් හේතුවෙන් මෙම මරණ සිදුව ඇති අතර එම සමාගමේ ප්‍රධාන විධායක ප්‍රසෙත්‍ය හරහාප් ඇතුළු තවත් සිවු දෙනෙකු මෙහිදී වරදකරුවන් බවට පත්ව ඇති අතර නැගෙනහිර ජාවා හි කෙදිරි දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා විසින් විත්තිකරුවන් සිව්දෙනා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ඖෂධ නිෂ්පාදන හිතාමතාම නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට නීතියෙන් තහවුරු කර ඔවුන්ට වසර දෙකක සිර දඬුවම් සහ ඉන්දුනීසියානු රුපියල් බිලියන 1 බැගින් දඩ නියම කර තිබේ.

මෙත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ නිෂ්පාදිත දරුවන්ට අහිතකර නව කැස්ස සිරප් හයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි