×

2021 පද්ම සම්මානය

ඉන්දියාවේ පුරවැසියෙකුට හිමිවන ඉහළම සම්මානය වන 2021 පද්ම සම්මානය ප්‍රතිලාභීන් 119 දෙනෙකුට පිරිනමන ලදී.


Covid-19 වසංගතය හේතුවෙන් සම්මානලාභීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් 2020 දී පැවැත්වීමට නොහැකි විය.

පද්ම සම්මානලාභීන්ට ගෞරව කිරීම සඳහා ඔක්තෝබර් 8 සහ ඔක්තෝබර් 9 යන දිනවල රාෂ්ට්‍රපති භවන්හිදී වෙනම උත්සව හතරක් ලෙස පැවැත් විය.ඒ අනුව පද්ම විභූෂණ සම්මාන 7 ක්, පද්ම භූෂණ 10 ක් සහ පද්ම ශ්‍රී සම්මානලාභීන් 102 ක් ඇතුළත් වේ.

ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් පසුගියදා දින ක්‍රීඩිකා පීවී සින්ධු, පාපන්දු ක්‍රීඩිකා ඔයිනම් බෙම්බෙම් දේවි, ගායක පණ්ඩිත් චනුලාල් මිශ්‍රා සහ මාධ්‍යවේදී ලාල්බිඅක්තංග පචුවා ඇතුළු තවත් අයට පද්ම සම්මාන ප්‍රදානය කරන්නට විය.

සම්මානලාභීන්ගේ ලැයිස්තුවට කාන්තාවන් 29 ක් සහ සංක්‍රාන්ති පුද්ගලයකු ඇතුළත් වේ.

ජනප්‍රිය නිලි කන්ගනා හටද පද්ම ශ්‍රී සම්මානය හිමි වූ අතර,බොලිවුඩ් සිනාමා කර්මාන්තයේ සම්මානලාභීන් අතර එක්තා කපූර්, කරන් ජොහාර් සහ මිය ගිය ගායක එස්පී බාලසුබ්‍රමනියම් ද මෙ සම්මානයන් හිමි විය.කර්නාටක ප්‍රාන්තයේ 72 හැවිරිදි ගෝත්‍රික කාන්තාවක් වන උලසි ගෞඩා පරිසරය සුරැකීමට කළ දායකත්වය වෙනුවෙන් සඳුදා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ඇය බොහෝ දෙනාගේ අවදානය දිනා ගන්නට විය.පාවහන් නොමැතිව සහ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි ඇය ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය ලබා ගත්තාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි