×

අතුරුදන් වූ නේපාල ගුවන් යානය අනතුරට ලක්වෙලා. මඟීන් සියල්ල මියගිහින්!

මඟීන් 22 දෙනෙකු රැගත් නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන්යානයක් සමඟ තිබූ සම්බන්ධතා බිඳ වැටී ඇති බව ඊයේ දින උදෑසන වාර්තා විය.


මෙම කුඩා ගුවන්යානය පොඛාරා සිට බටහිර නේපාලයේ ජොම්සන් දක්වා සංචාරකයන් රැගෙන පියාසර කරමින් තිබූ Tara Air සමාගමේ 9 NAET වර්ගයේ ගුවන්යානයකි.

මෙම ගුවන්යානය අනතුරට ලක්ව ඇති බවට වාර්තා වෙයි. පියාසැරිය ආරම්භ කර මිනිත්තු 20 කට පමණ පසු එය අනතුරට ලක්ව ඇති අතර,  මස්ටැංග් දිස්ත්‍රික්කයේ තාසාං-02 නම් ගම්මානයේ අඩි 14,500 ක පමණ උන්නතාංශයක පිහිටි සැනොස්වෙයාර් කඳුකරයේ කඩා වැටී ඇත.

මෙම අනතුරින් සියලු මඟීන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. නේපාල බලධාරීන් ප්‍රකාශ කරන්නේ එම ගුවන්යානය රැගත් මඟීන් 21 දෙනෙකුගේ සිරුරු ගොඩගැනීමට සමත් වූ බවයි.

මඟීන් 22 දෙනෙකු රැගත් නේපාල ගුවන්යානයක් අතුරුදන්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි