×

මරණයේ සහ රෝගාතුර බවේ දෙවැනි කොවිඩ් රැල්ලත් යුරෝපය වෙළා ගන්නා ලකුණු

මරණයේ සහ රෝගාතුර බවේ එක් රැල්ලක් මැඩලූ යුරෝපයට, දැන් වූයේ කුමක්ද, කළ යුත්තේ කුමක්ද යනාදී ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරමින් දෙවැනි කොරෝනා වයිරස් රැල්ලකට ද මුහුණ දෙන්නට සිදුව තිබේ.


යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ වාර්තාගත ඉහළ අගයක් වන දින දහ හතරකට රෝගීන් 45 000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි යුරෝපීය රෝග නිවාරණ හා මර්දන ආයතනය European Centre for Disease Prevention and Control (ECDC) පෙන්වා දෙයි. මේ තත්ත්වය හේතුවෙන් නැවත විවෘත කරන්නට සිටි ස්ථාන රැසක් වෙත නව සීමා කිරීම් පනවන්නට සිදු ව ඇත. රාජ්‍ය නායකයන් නැවතත් රෝහල්වලට මුහුණ දීමට සිදුවන බලපෑම් සහ නව ජාතික ලොක්ඩවුන් තත්ත්ව ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තම චකිතය පළ කර තිබේ.

යුරෝපයේ මරණ අනුපාතය දින 72ක් පුරා ස්ථායී තත්තවයක පැවැතුණු බව ECDC පවසයි. එය එසේ වුවත්, පසුගිය කාලවකවානුව තුළ බල්ගේරියාව, ක්‍රොයේෂියාව, මෝල්ටාව, රොමේනියාව සහ ස්පාඤ්ඤය වැනි රටවල මරණ අනුපාතය ඉහළ ගොස් ඇත.

මේ අනුපාතවල අඩුව පෙන්වන ප්‍රවණතා ද හඳුනාගෙන ඇත; දෙවැනි රැල්ල පැමිණ ඇත්තේ වසන්ත නිවාඩුව අවසාන වනවාත් සමග ම රැකියා නියුක්තිකයන් නැවත රැකියාවලට ද සිසුන් පාසල්වලට ද යන්නට නියමිත වී ඇති අවස්ථාවක ය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි ආරක්ෂක විධික්‍රම ලිහිල් කිරීම සහ පුද්ගලයන් තම ආරක්ෂාව පිළිබඳ දැඩි ව නොසිතීම මේ දෙවැනි රැල්ලට හේතු වන්නට පිළිවන. සාක්ෂි පෙන්වා දෙන පරිදි කොරෝනා දෙවැනි රැල්ලට වැඩි වශයෙන් ම හසුව ඇත්තේ තරුණ පුද්ගලයන් ය.

මෙලෙස යුරෝපයේ කොරෝනා ආසාදිතයන් ගේ ප්‍රතිශත සහ මරණ අනුපාත වැඩිවන සෙයක් පළ කළ ද එය තවමත්, එක්සත් ජනපදයේ සංඛ්‍යාලේඛනවලට වඩා අඩු අගයක් ගනී. යුරෝපයේ මිලියන 750ක ජනගහණයක් අතර ආසාදිතයන් මිලියන 4.4 සහ මරණ 217,278ක් වාර්තා වී ඇති අතර, එක්සත් ජනපදයේ මිලියන 330ක ජනගහණයක් අතර ආසාදිතයන් මිලියන 6.7 සහ මරණ 198,000ක් වාර්තා වී තිබේ.

දෙවැනි රැල්ල

එක්සත් රාජධානියේ අගමැනි බොරිස් ජොන්සන් පසුගිය සිකුරාදා, එක්සත් රාජධානිය වෙත කොරෝනා දෙවැනි රැල්ලක් පැමිණෙන බවද, එය “වැළැක්විය නොහැකි” බව ද කියා සිටියේ ය.

“අප පසු ගිය දින කිහිපයේ සිට ම කොරෝනා වසංගතයේ වර්ධනය සහ එහි පැතිරීම දෙස අවධානයෙන් යුතුව බලා සිටිනවා” අගමැති ජොන්සන් කීවේ ය. “මා සති කීපයකට පෙර කියූ පරිදි, දෙවැනි රැල්ලක් එන වග පෙනෙනවා. අපි එය ප්‍රංශයේ, ස්පාඤ්ඤයේ සහ යුරෝපයේ දකිනවා. එය අප අපේ රටේ ද දැකීම වැලැක්විය නොහැකි කරුණක්.”

“මට නැවතත් ජාතික ලොක්ඩවුන් තත්ත්වයකට යාමට අවශ්‍ය නැහැ. කළ යුත්තේ ජනතාව ආරක්ෂක විධික්‍රම අනුගමනය කිරීම යි.”

මැයි මාසයේ සිට බ්‍රිතාන්‍යයේ වැඩි ම ලියාපදිංචි ආසාදිතයන් ගණන වන 4,422 පසුගිය සෙනසුරාදා වාර්තා විණි.

BBC වෙත අදහස් පළ කරමින්, එක්සත් රාජධානියේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් ප්‍රකාශ කර සිටියේ ජනතාව ආරක්ෂක විධික්‍රම අනුගමනය නො කළ හොත්, වඩා දැඩි ආරක්ෂක උපක්‍රම වෙත යාමට සිදුවන බව යි.

ලොක්ඩවුන් තත්ත්වයට විරෝධය පළ කරන්නන් හා පොලිසිය අතර ගැටුමක් පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරස්‍රයේ දී ඇති විය. සාහසික හැසිරීමට, සහ ආපත්ති සේවකයකුට පහර දීම යන වැරැදි හේතු කර ගෙන තිස් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබිණ.

සෙන්ට්‍රල් ලන්ඩනයේ ලෙයිෂෙස්ටර් චතුරස්‍රයේ සැප්තැමබර් 12 වැනිදා ජනතාව ප්‍රිය සම්භාෂණ පවත්වමින් සිටියේ මෙසේ ය. මෙයට දින 2කකට පසු මෙවැනි පිරිස් රැස්වීම තහනම් කරනු ලැබිණි.

කොරෝනා ආසාදිතයකු ලෙස හදුනාගත් හෝ එවැන්නකු සමග සමීප ආශ්‍රයක් තිබුණේ යැයි හදුනාගත් අයකු වේ නම් ඔවුන් ස්වයං නිරෝධායනයට යා යුතු බව එක්සත් රාජධානිය පසුගිය ඉරිදා ප්‍රකාශයට පත් කළේ ය. සැප්තැම්බර් 28 වැනි දින සිට මේ නීතිවලට යටත් නොවන්නන්, පවුම් දහසේ සිට දස දහස දක්වා දඩවලට යටත් විය යුතු වේ. අඩු ආදායම් පවුල් සදහා පවුම් 500ක දීමනාවක් ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශයක සදහන් විණ.

රෝග පරීක්ෂා මෙතරම් සිදුවෙද්දීත් කොවිඩ් දෙවැනි රැල්ල

අගෝස්තු 22 වැනිදා රෝමානු කොලෝසියමේ සංචාරකයන් රැස්ව සිටියේ මෙසේ ය. රෝම බලධාරීන් පසුව පැවසුවේ ගිම්හාන නිවාඩුවේදී නව ආසාදන අධික වී ඇති බවයි.

 

චෙක් සමූහාණ්ඩුවේ ව්ලාත්වා නදීබඩදී මිතුරු හමු පැවැත්වුණේ වසංගතය සහමුලින්ම අමතක කරමිනි.

 

දෙවැනි කොවිඩ් රැල්ල මතුවෙමින් තිබියදී ප්‍රංශයේ සේන් නදීබඩ පසුගිය බ්‍රහස්පතින්දා තත්වය මෙසේ විය!

මේ අන්දමින් යුරෝපය දෙවැනි කොවිඩ් රැල්ලෙන් වෙළී යන්නේ කොවිඩ්-19 පරීක්ෂාවන් ද කඩිනම් වී තිබෙන අවස්ථාවක බව අමතක කළ නොහැක. එහි ප්‍රතිඵලයක් ලෙසට අප්‍රේල් මාසයේ 3,788 ක් වු දෛනික කොවිඩ් මරණ ගණන, සැප්තැම්බර් 18 වන දා වන විට 504 දක්වා පහළ බැස තිබේ. නමුත් මරණයේ සහ රෝගාතුර බවේ අවදානම කොහෙත්ම පහව ගොස් ඇති බවක් එයින් අදහස් නොවේ…

ප්‍රධාන ඡායාරූපය – නෙදර්ලන්තයේ සෙන්ට්‍රල් ඇම්ස්ටර්ඩෑම්හි සංචාරකයන් අගෝස්තු 21 දා දක්නට ලැබුණු ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ. එයින් සතියකට පසුව නෙදර්ලන්තයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණයක් බවට පත්විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි