×

250,000 ඉක්මවා ඉන්දියාවෙන් දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

ගෙවුණු පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් 261,500ක් වාර්තා වී තිබේ.


ඒ අනුව දෛනික ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවූ සිව් වන දිනය ලෙසයි ඊයේ දිනය ගැනෙන්නේ.

මේ අතර ගෙවුණු පැය 24ක කාලය තුළ කොවිඩ් 19 මරණ ද එරටින් 1,501ක් වාර්තා වී තිබේ.

රට තුළ මතුව තිබෙන මෙම සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඊයේ දින අගමැති නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ ප්‍රාන්ත රෝහල ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටින හෙයින් රට පුරා ඔක්සිජන් බලාගාර 162ක් ස්ථාපනය කරන ලෙසයි.

ඉන්දියාව පසුගිය (09) වන දා කොවිඩ් ආසාදිතයින් මිලියන 13 සීමාව පසු කළ අතර සතියකට අඩු කාලයකදී තවත් මිලියනයක් අලුතින් ආසාදිතයින් ලෙස එකතු වී ඇති බවත් ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනය වන විට ආසාදිතයින් මිලියන 14 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනය වන විට වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 14,788,109 ක් සහ මරණ 177,150 ක් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි