×

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලය නව යෝජනා මාලාවක් ලබාදී තිබෙන බවද වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්, ජීවිතක්ෂයට පත් වූවන් අතරින් දස දෙනෙකු කුඩා දරුවන් බවත්, හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායලය නව යෝජනා මාලාවක් ලබාදී තිබෙන බවද වාර්තා වේ.

 ඊශ්‍රායලය නිවේදනය කරන්නේ, එම යෝජනා සඳහා හමාස් සංවිධානය එකග වන්නේ නම් රෆා ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත යුද මෙහෙයුම් අත්හිටුවන බවයි.

එමෙන්ම  ඊශ්‍රායල ප්‍රහාරයන්ට එරෙහිව ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයන්හි ක්‍රියාත්මක විරෝධතා අතරතුරදී තවත් සිය ගණනක් සිසුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය ඔක්තෝබර් 07 වන දින සිට මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 34,388 ක්.තවත් 78000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි