×

සිරියාවේදී ISIS ප්‍රහාරවලින් ඇමරිකානු සොල්දාදුවන් සිව් දෙනෙක් මරුට

තමන් සිරියාවේ ISIS සංවිධානය පරාජය කළ බවත්, එනිසා ඇමරිකානු හමුදාව සිය රට කැඳවන බවත් ජනපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර මාසයක් ඉක්ම යාමට පෙර ඇමරිකානු ආරක්ෂක භටයන් රැගත් රථ පෙළකට ISIS බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.


එයින් ඇමරිකානු සොල්දාදුවන් 4 දෙනෙක් මරණයට පත් වී තිබේ. ඒ අතර සිවිල් ආරක්ෂක භටයෙක් ද සිටියි. එම සිවිල් ආරක්ෂක භටයා බුද්ධි අංශ සේවාවට අයත් බව ද වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇත.

මෙම සිදුවීමේ ඇති තවත් බැරූරුම් කමක් වන්නේ මීට පෙර, සිරියාවේ ක්‍රියාන්විතයේ යෙදී සිටියදී 2014 වසරේ පටන් මේ දක්වා මියගොස් තිබෙන්නේ ඇමරිකානු භටයන් 2 දෙනෙක් පමණක් වීමයි.

ඇමරිකාව විසින් සිරියාව තුළ භටයන් 2,000 ක් දෙනා රඳවා තබා තිබේ.

මෙයට මාසයකට පෙර ජනපති ට්‍රම්ප්, තමන් අයිසිස් සංවිධානය පරාජය කළ බව ජයග්‍රාහී ලෙස කියා සිටි අතර, එයට අදාළ වීඩියෝවක් ද ට්විටර් සමාජ ජාලය හරහා ප්‍රසිද්ධ කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි