×

ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් ඉතාලියේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් ඇති බව පැවසේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් ඉතාලියේ පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බව teleSURHD මාධ්‍ය පවසයි.

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටා ඇති මෙම ජල විදුලි බලාගාරයේ තවත් සේවකයින් පිරිසක් අතුරුදන් වී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

විලෙහි මතුපිට සිට මීටර 30ක් පමණ ජල අභ්‍යන්තරයේ අදාළ පිපිරීම සිදුව ඇති බව පැවසේ. 

ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් ගුවන් මගින් රෝහල් කරා රැගෙන ගොස් ඇති බව පැවසේ.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, සුවියානා විල, 1932 වසරේදී කෘතිමව ඉදිකර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි