×

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සිරියාවේ මිලිටරි උපදේශකයින් පස් දෙනෙකු මරුට

මෙම ප්‍රහාරය පැමිණෙන්නේ, කලාපයේ පුලුල් වන ආතතීන් සහ 25,000 කට ආසන්න පිරිසක් මරා දැමූ ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරයක් මධ්‍යයේ ය.


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(20) දිනයේදී සිරියාවේ අගනුවර වන ඩමස්කස් හි නේවාසික ගොඩනැගිල්ලකට එල්ලවන ලද ගුවන් ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කළ බවත් එමඟින් මිලිටරි උපදේශකයින් පස් දෙනෙකු මියගිය බවත් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) තහවුරු කර තිබේ.

අවම වශයෙන් මිසයිල හතරක් යොදාගෙන සිදු කළ බවට සැලකෙන මෙම ප්‍රහාරයෙන් තට්ටු හතරක ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය තවමත් අදහස් දක්වා නොමැත.

මෙම ප්‍රහාරය පැමිණෙන්නේ, කලාපයේ පුලුල් වන ආතතීන් සහ 25,000 කට ආසන්න පිරිසක් මරා දැමූ ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරයක් මධ්‍යයේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි