මීට පෙර ඇලිසන් ක්‍රවුස් මෙම වාර්තාවට හිමිකම ලබා තිබූ අතර, දැන් එම වාර්තාව බියොන්සේට හිමිව තිබේ.
එමෙන්ම වසරේ ජනප්‍රියම ඇල්බමයට හිමිකම් කිවේ ටේලර් ස්විෆ්ට් ගේ Folklore ඇල්බමයයි.
ඇය ඉතිහාසයට එක් වූයේ වසරේ ඇල්බමය තුන් වතාවක් දිනාගත් ප්‍රථම කලාකාරිනිය ලෙසිනි.
වසරේ වාර්තාගත ගීතය බිලී අයිලිෂ් ගේ “Everything I Wanted” ගිතයයි.
බියොන්සේගේ Black Parade ගීතයද මීට නිර්දේශ වී තිබේ.
වසරේ ගීතය ඩර්න්ස්ට් එමිලි II, එච්.ඊ.ආර් සහ ටියාරා තෝමස්, ගායනා කරන “I Can’t Breathe” ගීතයට හිමිව තිබේ.
හොඳම නවක ගායිකාව මෙගන් දී ස්ටැලියන් වූ අතර, හොදම ජනප්‍රිය සෝලෝ හැකියාට හිමි සම්මානය ලේඩි ගාගා සහ අරියානා ග්‍රාන්ඩේ වෙත හිමි විය.
හොඳම නර්තන ප්‍රාසංගික තරුව Kaytranada Featuring Kali Uchis විය. හොඳම රොක් ගායනය බ්‍රිටනි හවර්ඩ්, වෙත හිමි විය.
හොඳම ජනශ්‍රැතික ඇල්බමය ගිලියන් වෙල්ච් ඇන්ඩ් ඩේවිඩ් රෝව්ලිංස් ගේ All the Good Times වෙත හිමි විය.
හොඳම ජනප්‍රිය ඇල්බමය ටූට්ස් ඇන්ඩ් ද මේටල්ස් ගේ Got to Be Tough වෙත හිමි විය. (yahoo.com වෙතින්)
සහන් හේවාගමගේ