×

කොවිඩ් නිසා ඉදිරි සති තුන තුළ ඇමරිකානුවන් 92,000ක් මියයන බවට පුරෝකථනයක්!

ඉදිරි සති තුන තුළ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඇමරිකාව තුළ මරණ 92,000ක් පමණ සිදුවිය හැකි බවට එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පුරෝකථනය කර තිබේ. 


නව වසරේ මුල් සති දෙක තුළ පමණක් කොවිඩ් 19 හේතුවෙන් ඇමරිකාවෙන් මරණ 38,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

මෙම සංඛ්‍යා සමඟ ඇමරිකාව තවමත් කොවිඩ් හමුවේ දැඩි අභියෝගාත්මක තැනක පසුවන බවයි එරට වාර්තා පෙන්වාදෙන්නේ.

130,300 පමණ පිරිසක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද දැක්වෙයි.

දෛනිකව ලක්ෂ ගණනින් ආසාදිතයින් එකතු වන අතර මෙම මාසය ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මිලියන 03කට වැඩි දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

සෑම ප්‍රාන්තයක් පාසාම වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ඇමරිකාවේ  පසුගිය කාලය තුළ ජනාධිපතිවරණය ඇතුළු දේශපාලනමය සිදුවීම් සමඟ බොහෝ අවස්ථාවල සෞඛ්‍ය උපදෙස් නොසලකා කටයුතු කරන ආකාරයද පෙනෙන්නට තිබුණි.

කෙසේවෙතත් නව ජනධිපති ලෙස පත්ව සිටින ජෝ බයිඩන් කියා සිටියේ ඔහුගේ පාලනයේ මුල් දින 100ක කාලය තුළ මෙම කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය යම් දුරකට හෝ පාලනය කරගැනීමට වෙහෙසෙන බවයි. ඒ සඳහා ඔහු සිය ජනතාවගෙන්ද සහය පැතුවේය.

මේ වන විට නව කොවිඩ් ප්‍රභේද පවා වාර්තා වන තත්ත්වයක ඇමරිකාවද කොවිඩ් හමුවේ අතිශය දුෂ්කර මෙහෙයුමක නිරත වෙමින් සිටින බවයි දෛනිකව පළවන වාර්තා වලින් පෙන්නුම් කරන්නේ.

රට පුරා මේ වන විට කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවා වාර්තා වී තිබෙන අතර සමස්ත කොවිඩ් 19 මරණ 3,85,000 ඉක්මවා තිබේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි