×

උතුරු කොරියාව 9 වැනි මිසයිලයත් පත්තු කරයි!

ලොවම COVID-19 වසංගත භීතියෙන් සලිත වී සිටියදී උතුරු කොරියාව මේ මාසය තුළ 8 වැනි සහ 9 වැනි මිසයිල අත්හදාබැලීමද සිදුකර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.


මෙම සැකකටයුතු අත්හදාබැලීම් කෙටි දුර බැලස්ටික් මිසයිල (“short-range projectiles” ) බවට සැලකේ. එ්වා කිලෝමීටර 30 ක් පමණ ඉහළ අහසේ කිලෝමිටර 230 ක් පමණ දුරට පතිත වූ බව පවසන්නේ දකුණු කොරියාවයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින්, ‘‘උතුරු කොරියාව විසින් සිදුකරන මේ බැලස්ටික් මිසයිල අත්හදාබැලීම් ජපානය ඇතුළ සමස්ත අන්තර්ජාතික ප්‍රජාවටම බරපතළ ගැටළුවකි‘ යැයි ප්‍රකාශ කරයි.

මෙම අත්හදාබැලීම් සිදුකර ඇත්තේ අද දිනයේ බව ද තවදුරටත් සඳහන් වේ.

මේ අනුව උතුරු කොරියානු ඉතිහාසයේ එක් මාසයක් තුළ වැඩිම මිසයිල ප්‍රමාණයක් අත්හදා බැලූ කාලය ලෙසට මෙය ඉතිහාසගත වේ. මීට පෙර මෙසේ ඔවුන් ක්‍රියා කර තිබෙන්නේ උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනේ වඩාත්ම සක්‍රිය වසර 2 ලෙස සැලකෙන 2016 සහ 2017 වර්ෂවලදී පමණි.

ඇතැමුන් සඳහන් කරන්නේ, ගෝලීය වසංගත තත්වය සහ ඇමරිකාවේ මූලිකත්වයෙන් පනවා ඇති සම්බාධක මධ්‍යයේ වුවත් තමන් ශක්තිමත් නායකයෙකු බව ලෝකයට පෙන්වා දීමට උතුරු කොරියානු නායකයාට අවශ්‍ය ව ඇති බවයි.

ලොව පුරා 660,000කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී ඇති කොරෝනා මර්දනය සම්බන්ධයෙන් උතුරු කොරියාව ද යම් වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද මේ අතර සඳහන් වේ. ඔවුන් විසින් මේ තර්ජනය පිළිගෙන ඇති නමුත් එකදු රෝගියෙකුවත් උතුරු කොරියාවේ සිටින බව පිළිගැනීමට මේ දක්වා ක්‍රියා කර නැත.

මෙයට සතියකට පෙර උතුරු කොරියාව ප්‍රකාශ කළේ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උ.කොරියානු නායක කිම් ජොන් උන් හට, පුද්ගලික ලිපියක් එවමින් වසංගතයට එරෙහිව සටන් කිරීමේදී සිය සහයෝගය පළ කර තිබූ බවයි.

Cover Photo : A suspected missile is fired in this image released by North Korea’s Korean Central News Agency on March 22, 2020 -KCNA-via Reuters



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි