ව්ලැදිමියර් සෙලෙන්ස්කි. යුක්රේන රූප වාහිනි කථාංග මාලාවක ප්‍රහසන නළුවෙකි. පසුගියදා පැවති යුක්රේණ මැතිවරණයේ ජනපති අපේක්ෂකයෙකු වූ ඔහු සියයට 73%කට වඩා ඡන්ද ලබා ගනිමිනි යුක්රේන ජනපතිවරණයේ ජයග්‍රහකයා විය.
සිය ජයග්‍රහණය සමරමින් ඔහු පැවසුවේ…” මම කිසිදා ඔබට වැටෙන්නට දෙන්නැහැ” යනුවෙනි.
41 හැවිරිදි සෙලෙන්ස්කි දේශපාලනයේ කිසිම අයුරක අත්දැකීමක් නොමැති පුද්ගලයෙන් වන අතර රුසියාව විසින් යුක්රේනය වෙත කරන බලපෑම කුමන ආකාරයකට ඔහු විසින් හසුරවනු ඇති දැයි ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇත.
කෙසේ වෙතත් රුසියාව පවසා සිටින්නේ ඔහු තීරණාත්මක, අවංක මෙන්ම උපක්‍රමශීලී පුද්ගලයෙකු වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි.
හිටිහැටියේම ජනපති ධූරයට පත් වන චරිතයක් සදහා පන පොවන රූපවාහානි නාට්‍ය මාලවක රග පාමින් සිට ඒ පරිද්දෙන්ම තම රටේ ජනපති ධූරය හෙබවීමට ඔහුට හැකිවීමද දෛවෝපගත සිදුවීමකි.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටිනනේ තමන් යුක්රේනයේ සාමය ඇති කිරීමට වෙහෙස වන බවත්, නැගෙනහිර යුක්රේනය බෙදා වෙන් කිරීමට උත්සහා කරන බෙදුම්වාදීන් හා සාම සාකච්ඡා සදහා තමන් සූදානම් බවත්ය.
පෙර ලිපි: