×

ජර්මානුවන් ඉදිරියේ තවමත් පුපුරණ දෙවන ලෝක යුද්ධයේ නොපිපිරුණ බෝම්බ

1940ත් 1945 අතර කාලයේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගුවන් හමුදි විසින් යුරෝපය පුරා මුදා හල බෝම්බ ප්‍රමාණය ටොන් මිලියන 3කට ආසන්නය. ඉන් භාගයක්ම ඇත්තේ ජර්මනියේය.


දෙවන ලෝක යුද්ධය විසින් මතකයන්ට අමතරව ලෝකයට ඉතිරි කළ දේ බෙහෝ වෙයි. පසුගිය ඉරිදාවේ පෙරවරු 3.52ට පමණ ජර්මනියේ ලිම්බර්ග් නගරයම බිය ගන්වමින් අධික ශබ්දයකින් යුතුව යමක් පුපුරා යන හඩක් ඇසිණ. ඒ මීටර් 10ක පමණ යටට මහපෙළොව දෙබෑ කරමිනි.


එම සිදුවීමට හේතුව දෙවන ලෝක යුද්ධයේදී නොපිපිරුණ කිලෝග්‍රෑම් 250ක අහසින් හෙළූ බෝම්බයක් බව පසුව අනාවරණය විය.

ජර්මනියේ ජනතාවට මෙවැනි සිදුවීම ඉද හිට පුරුදුය.
ලෝක යුද්ධයෙන් පසු වසර 75ක අතීතයක් ආසන්නයේ අප සිටියද එදා නොපිපිරුණ අදත් පිපිරෙන දෙවන ලෝක යුද්ධයේ බෝම්බ දහස් ගණනින් යුරෝපය පුරා අදත් ඇත. විශේෂයෙන්ම ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍ය තවමත් මෙම බෝම්බ වන ගොදුරුය. 1940ත් 1945 අතර කාලයේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ගුවන් හමුදි විසින් යුරෝපය පුරා මුදා හල බෝම්බ ප්‍රමාණය ටොන් මිලියන 3කට ආසන්නය. ඉන් භාගයක්ම ඇත්තේ ජර්මනියේය. ඒ අතරතුර 1945 මැයි මස ජර්මන් නාසි ආණ්ඩුව යුද්ධය අත් හරින ලදී. අවි ආයුධ කර්මාන්ත ශාලා, යුද්ධය වෙනුවෙන් නිම වුණ යටිතල පහසුකම්, ඉන්ධන ව්‍යාපෘති, අඩපණ වී ගියේය. ජර්මනිය පුරා නගර බෙහොමයක් අගුරු සහ අළු වලින් වැසී ගියේය.

මිත්‍ර සන්ධානය යටතේ ජර්මනියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය. ඔවුන් විසින් ජර්මනියට මුදා හළ තවමත් නොපිපිරී තිබෙන බෝම්බ සොයා පුපුරුවා හරින්නට පටන් ගත්හ. නමුත් ඒ සම්පූර්ණයෙන්ම නොවේ. ඇතැම් බෝම්බ අක්‍රීය කරන්නට කිසිවෙකුටත් නොහැකි විය. තවත් බෝම්බ සොයා ගන්නා කිසිවෙකුත් නොහැකි වූයේ වනානතර මෙන්ම මිනිස් වාසය නැති ස්ථානවල ඒවා පැවතීම හේතුවෙනි.


දෙවන ලෝක යුද්ධයේ අළු මත ඉදිවුණ බටහිර සහ නැගෙනහිර ජර්මනියේ මෙතෙක් නොපිපිපරුණ බෝම්බ පිළිබදව වගකීම පැවරුණේ ජර්මාන් පොලීසියේ බෝම්බ නිෂ්ක්‍රීය සහ ගිනිනිවන ඒකකය වෙතය එය KMBD ලෙස හැදින්වීය.

ඔවුන්ගේ උත්සහය කෙතෙක් පැවතුණද ටොන් 2000කට අධික බෝම්බ සංඛ්‍යාවක් ජර්මන් පොළොව මත වෙයි. යුද්ධයෙන් පසු ජර්මනියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භයට පෙර පොළොවේ සෑම තැනක්ම ආරක්ෂිතදැයි අවධාරණය කර ගැනීමට අවශ්‍ය කටයුතු කෙරිණි. තවමත් ඒ කටයුත්ත එලෙසින්ම සිදු වෙයිග 2016 මැයි මස ජර්මනියේ කොලොන්ග් හී වැසියන් 20000ක් ඔවුන්ගේ නාවෙස් වලින් ඉවත් කරන ලද්දේ ටෝන් 1ක බෝම්බයක් සොයා ගැනීමෙන් පසුවයි. 2003 වසරේ නොවැම්බරයේදීද ඩෝට්මන්ඩ් හීදී ද පුද්ගලයින් 20000ක් වාසස්ථාන වලින් ඉවත් කෙරුණේ රාත්තල් 4000ක බ්ලෝක්බාස්ටර් බෝම්බයක් හමුවූ පසුවයි. 2011 වසරේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදුකළ විශාලතම පුද්ගලයින් ඉවත් කිරීම සිදු කරන ලද්දේය . පුද්ගලයින් 45000කට ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් වන්නට නියම කලේ කොබ්ලන්ස් නගරයේ පැවති නොපිපිරුණ බෝම්බයක් හේතුවෙනි.

ලෝකයේ කාර්්‍ය බහුලම බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඇත්තේ ජර්මනියේ කීවාට වැරදි නැත. එමෙන්ම තවමත් දෙවන ලෝක යුද්ධයේ බෝම්බ නිෂ්ක්‍රීය කටයුතුවලදී ජර්මානුවන්ට මිය යන්නට සිදුවන අවස්ථාද නැත්තේම නොවේ. කෙසේ වෙතත් ඔවුන් සිටින්නේ ඉමහත් බියෙන්. දෙවන ලෙලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ මේ වන තෙක් පරම්පරි තුනක ජනතාව සාමකාමීව ජීවත්වන බව දැකිය හැකිය. නමුත් ඔවුන් සිටින්නේ අළු යට ගිනි පුපුරු තබා ගෙනය.


දෙවන ලෝක යුද්ධයේ සුප්‍රසිද්ධ ජර්මන් නගරයන් වන බ්‍රැන්ඩන්බර්ග් හී පමණක් බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට 1996 සිට 2007 වසර දක්වා යුරෝමිලියන 45ක් වැය කර ඇත. ජර්මනියේ මෙවැනි බෝම්බ වලින් වඩාත්ම අනාරක්ෂිත නගරය ලෙස සැළකෙන්නේ බ්‍රැන්ඩන්බර්ග්ය. බ්‍රැන්ඩන්බර්ග් තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් එහි පවතින බෝම්බ පිළිබදව පිටු 250ක වාර්ථාවක් නිකුත් කෙරිණ ඊට අනුව තවමත් එහි සැගවුණ බෝම්ප ගණණ 326ක් වේ.

හිටිහැටියේ පිපිරෙන මෙම සැගවුණ බෝම්බ හේතුවේන් ඇතැමි අවස්ථා වල ජන ජීවිත සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වන්නේය. ඇතැමුන්ට තමන් ජීවත් වන වාසස්ථාන පවා අහිමි වන්නේය. වසර 74ක කාලයක් ගෙවී ගියද ජර්මනියේ ඇතැම් අය තවමත් සිය ජීවිත දෙවන ලෝක යුද්ධයේ බෝම්බ වලට භාර දී බලා සිටිති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි