ගතවූ සති අන්තයේ G7 සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් නිල ඡායාරූපයකට පෙනී සිටින අතරවාරයේදී මලානියා ට්‍රම්ප්ට සිය සිතුම් සඟවා ගන්නට නොහැකි වූවා වැන්න. අහා.. ඒ මොහොත!
කැනඩා අගමැති, අති කඩවසම් ජස්ටින් ටෘෘඩෝ නිසා ඇගේ හදගැස්ම වැඩි විණිද?
මේ වසරේ වඩාත්ම කතාබහට ලක් වීමට නියමිත සම්පූර්ණ ඡායාරූපය පහත දැක්වේ.
ඒ ‘මොහොතෙ‘ දෙස, එකිනෙකාගේ ඇස් වෙත ඇස් ඇළවුණු ඒ මොහොත දෙස ප්‍රංශ නායක එම්මානුවෙල් මැක්රොන් සිනාසෙමින් බලන ආකාරයද, රිදී පැහැ ඇඳුමකින් සැරසුණු ඔහුගේ බිරිඳ ඒ දෙස බලා-නොබලා සිටින ආකාරයද, ජර්මානු චාන්සලර්වරිය අහක බලාගෙන සිනාසෙන ආකාරයද තවත් අය ‘අප්සෙට්‘ වී බලා සිටින ආකාරය ද මේ ඡායාරූපයෙන් මැනවින් පෙනේ. මලානියාව තමන්ට අයිති ‘වස්තුවක්‘ හෝ දේපළක් ලෙස සලකන දේපළ වෙළඳාම් ජනපති ට්‍රම්ප් ඒ මොහොතේ ද ඇගේ අතින් අදිමින් සිටි නිසාම, ටෘෘඩෝ වෙත ඇය හෙළන බැල්ම ඔහු දුටුවේ නැත!
මේ වන විට සමාජ මාධ්‍යවල ඒ ගැන පළ වන දහස් ගණනක් කමෙන්ටු අතරින් තෝරාගත් කිහිපයකි, මේ.
මේ කමෙන්ටුවෙන් කියන්නේ, මලානියා ට්‍රම්ප්, තමන්ගේ සියල්ලම උවදුරේ හෙළාගෙන ටෘෘඩෝ වෙනුවෙන් අවදානම ගන්නට කැමති බව ය! මේ ට්විටර් සටහනේදී ටෘෘඩෝ ද ටැග් කර තිබේ.
මේ අතර තවත් ට්විටර් පරිශීලකයෙකු කියා තිබුණේ ‘පෙනෙන හැටියට මෙලනියා කැනඩාවට පළා යාම ගැන escape plan එකක් සිතනා බවයි. #MelaniaLovesTrudeau (මෙලනියා ටෘෘඩෝට ආදරය කරනවා“) යනුවෙන් ඇය අලුත් හෑෂ්ටැගයක් ද සිය ට්විටර් සටහනට එක් කරගෙන තිබිණි.
ක්‍රෙම්ලිනයට කෙළින්ම සම්බන්ධ ප්රවෘත්ති ජාලයක් වන හෙවත් රෂියා ටුඩේ පුවත් සේවයට මෙය දුටු විට කටකහන තත්වයක් ඇති වුණාක් වැන්න. ඔවුන් ට්වීට් කළේ,
‘Everyone should find someone who looks at them the way Melania looks at Justin #Trudeau‘?
‘‘මෙලනියා ටෘෘඩෝ දෙස බලා සිටින ආකාරයට තමන් දෙස බලන කෙනෙක් හැම කෙනෙක් විසින්ම සොයාගත යුතුය“ යනුවෙනි!
කොහොම වුණත් ලෝකයේ කඩවසම්ම නායකයා ලෙස අවිවාදයෙන් සැලකෙන ජස්ටින් ටෘෘඩෝ ගැන මේ අන්දමින් කාන්තාවක් උමතු වීම අරුමයක් නොවේ. මෙලනියා ට්‍රම්ප් 2019 වසරේදී මේ අන්දමින් ටෘෘඩෝ දෙස බලා සිටියදී ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ටෘෘඩෝ දෙස 2017 වසරේදී මෙසේ බලා සිටි බව ද අපගේ මතකයට නැගේ.
‘ආදරයේ රසායනය‘ සඟවන්නට මේ ලෝකයේ කිසිම නෑකමකට හෝ කිරීටයකට නොහැකි ය.