ලිබියාවේදී අතුරුදන් වූ ඇමරිකානු ඩ්‍රෝන යාත්‍රාව රුසියාවෙන් මතුවෙයි!
රුසියානු ගුවන් ආරක්ෂක බලකා විසින් මෙම ඩ්‍රෝන යාත්‍රාව වෙඩිතබා බිම හලා තිබේ.
ලිබියාවේ අගනුවර වන ටිපෝලි හිදී අතුරුදන් වූයේ යැයි පැවසෙන ඇමරිකානු හමුදාවට අයත් නිරායුුධ ඩ්‍රෝන යාත්‍රාවක් රුසියානු ගුවන් ආරක්ෂක බලකා විසින් බිම හලා ඇති බව වාර්තා වේ.
මෙම නිරායුුධ ඩ්‍රෝන යාත්‍රාව අතුරුදන් ව තිබෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේදීය. එම ඩ්‍රෝන යාත්‍රාව බුද්ධි තොරතුරු වාර්තා කිරීම සඳහා ගුවන්ගත කළ බවට විශ්වාස කෙරේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට රුසියානු ගුවන් ආරක්ෂක බලකා විසින් මෙම ඩ්‍රෝන යාත්‍රාව වෙඩිතබා බිම හලා තිබේ.