×

රුසියාව හයිපර්සොනික් මිසයිල අත්හදා බලයි!

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය බ්‍රහස්පතින්දා ක්‍රිමියාවේ වෙරළට ඔබ්බෙන් හයිපර්සොනික් මිසයිල පද්ධතියක් දියත් කිරීම ඇතුළු හමුදා අභ්‍යාස අධීක්ෂණය කළේ ය.


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය බ්‍රහස්පතින්දා ක්‍රිමියාවේ වෙරළට ඔබ්බෙන් හයිපර්සොනික් මිසයිල පද්ධතියක් දියත් කිරීම ඇතුළු හමුදා අභ්‍යාස අධීක්ෂණය කළේ ය.

ඔවුන් මෙම අභ්‍යාසයේදී කාලිබර් කෲස් මිසයිල දියත් කිරීම සහ කිංෂා නම් හයිපර්සොනික් බැලස්ටික් මිසයිල දියත් කිරීම පිලිබද අථදා බැලීම් වල නිරත වී ඇත. මෙම අභ්‍යාස සඳහා නැව් 30 කට වැඩි ප්‍රමාණයක්, ගුවන් යානා 40 ක් සහ එක් සබ්මැරීනයක් සම්බන්ධ විය.

රුසියානු නාවික හමුදාවේ අණ දෙන නිලධාරි අද්මිරාල් නිකොලායි යෙව්මෙනොව් පුටින්ට වාර්තා කළේ “මෙම අභ්‍යාස සාර්ථකව නිම කර ඇති” බවයි.

MIG-31K ප්‍රහාරක යානා දෙකක් කිංෂාල් බැලස්ටික් මිසයිලය භාවිතා කරමින් ඉලක්කගත වෙඩි තැබීම් සිදු කළ අතර අද්මිරාල් ග්‍රිගෝරොවිච් නෞකාවේ කුඩා මිසයිල නෞකාවක් වන ඔරෙකෝවෝ-සූයෙවෝ සහ කොල්පිනෝ සබ්මැරීනය කලිබ්ර් මිසයිල දියත් කිරීම අත්හදා බැලූහ.

පුටින් මාෂල් උස්ටිනොව් මිසයිල නෞකාවේ සිට දියත් කිරීම නැරඹීය.

හයිපර්සොනික් යානයක් සාමාන්‍යයෙන් පැයට සැතපුම් 3,836 ඉක්මවයි. දියත් කිරීමෙන් පසු මිසයිල අභ්‍යවකාශයට පියාසර කරන නමුත් පසුව පහළට පැමිණ ගුවන් යානයකට සමාන ගුවන් ගමන් මාර්ගයක අධික වේගයෙන් පියාසර කිරීම සිදු වී ඇත. ඔවුන්ගේ පහත් ගමන් පථය එක්සත් ජනපද මිසයිල ආරක්ෂක චන්ද්‍රිකා සහ රේඩාර් හඳුනා ගැනීම වඩාත් අපහසු කරන බව පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි